Foreign Secretary Admiral Prof. Jayanath Colombage chaired a meeting on 11 January, 2022 at the Foreign Ministry to discuss arrangements for the upcoming Annual Meeting of the Asian Development Bank (ADB) which is scheduled to be held in Colombo on 2-5 May 2022.

A high-level delegation from ADB led by ADB Secretary Muhammad Ehsan Khan, along with other high level officials at the ADB Resident office in Colombo, CEO of the ADB Annual Meeting Secretariat Dr. Don S. Jayaweera,   representatives of the Professional Conference Organizers (PCO) of the Annual Meeting, other senior officials of the Ministry of Finance and the Foreign Ministry, attended the meeting.

Sri Lanka which is a founding member of the ADB will be only the second country in the South Asian region to host the prestigious Annual Meeting of the ADB.  Over 3000 participants, including Ministers of Finance and Governors of Central Banks from 68 members of the ADB, are expected to attend this event which will be held at the BMICH, Colombo.

The Foreign Ministry will lead the overall protocol arrangements for the Annual Meeting and coordinate bilateral engagements for the visiting dignitaries.  The Foreign Secretary pledged fullest support of the Foreign Ministry for the successful conduct of the event.

Foreign Ministry

Colombo

 12 January, 2021

 

 

 

……………………………………..

මාධ්‍ය නිවේදනය

කොළඹ දී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

2022 වර්ෂයේ මැයි මස 2-5 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වාර්ෂික රැස්වීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි 11 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී  රැස්වීමක් පවත්වන ලදි.

ආසියානු සංවර්ධන බැංකුවේ ලේකම් මුහම්මද් එහ්සාන් ඛාන් මහතා ප්‍රමුඛ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්, කොළඹ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික කාර්යාලයේ අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දොන් එස්. ජයවීර මහතා, මෙම වාර්ෂික සමුළුවේ වෘත්තීය සම්මේලන සංවිධායකයින්ගේ නියෝජිතයින් (PCO) සහ මුදල් අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව පවත්වන මෙම සුවිශේෂී වාර්ෂික රැස්වීමට සත්කාරකත්වය දක්වන දකුණු ආසියානු කලාපයේ පිහිටි දෙවැනි රට යි. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජිකයින් 68 නියෝජනය කරන මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් ඇතුළු 3000කට අධික පිරිසක් කොළඹ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

විදේශ අමාත්‍යංශය මෙම වාර්ෂික රැස්වීමේ සමස්ත සන්ධානකටයුතුවලට නායකත්වය දෙන අතර ඊට සහභාගී වන ප්‍රභූවරුන්ගේ ද්විපාර්ශ්වික කටයුතු ද සම්බන්ධීකරණය කරයි. මෙම රැස්වීම සාර්ථකව පැවැත්වීම සඳහා විදේශ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ ලේකම්වරයා සහතික විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි 12 වැනි දින

……………………………………………….

ஊடக வெளியீடு

 ஆசிய அபிவிருத்தி வங்கியின் வருடாந்தக் கூட்டத்தை இலங்கை கொழும்பில்  நடாத்தவுள்ளது

 

2022 மே 2 – 5 வரை கொழும்பில் நடைபெறவுள்ள ஆசிய அபிவிருத்தி வங்கியின் வருடாந்தக்  கூட்டத்திற்கான ஏற்பாடுகள் குறித்து கலந்துரையாடுவதற்காக, வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொலம்பகே அவர்களின் தலைமையில் 2022 ஜனவரி 11ஆந் திகதி வெளிநாட்டு அமைச்சில் சந்திப்பொன்று இடம்பெற்றது.

ஆசிய அபிவிருத்தி வங்கியின் செயலாளர் திரு. முஹம்மது எஹ்சான் கான் தலைமையிலான ஆசிய அபிவிருத்தி வங்கியின் உயர்மட்ட பிரதிகள் குழுவினர், கொழும்பில் உள்ள ஆசிய அபிவிருத்தி வங்கியின் வதிவிட அலுவலகத்தின் உயர்மட்ட அதிகாரிகள், ஆசிய அபிவிருத்தி வங்கியின் வருடாந்தக் கூட்ட செயலகத்தின் பிரதம நிறைவேற்று அதிகாரி கலாநிதி தொன் எஸ். ஜயவீர, வருடாந்தக் கூட்டத்தின் நிபுணத்துவ மாநாட்டு ஏற்பாட்டாளர்கள், நிதியமைச்சு மற்றும் வெளிநாட்டு  அமைச்சின் சிரேஷ்ட அதிகாரிகளுடன் இந்த சந்திப்பில் கலந்து கொண்டனர்.

ஆசிய அபிவிருத்தி வங்கியின் ஸ்தாபக உறுப்பினரான இலங்கை, ஆசிய அபிவிருத்தி வங்கியின் கௌரவமான வருடாந்தக் கூட்டத்தை தெற்காசியப் பிராந்தியத்தில் நடாத்தும் இரண்டாவது நாடாகும். கொழும்பு பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டபத்தில் நடைபெறவுள்ள இந்த நிகழ்வில் ஆசிய அபிவிருத்தி வங்கியின் 68 உறுப்பு நாடுகளைச் சேர்ந்த நிதி அமைச்சர்கள் மற்றும் மத்திய வங்கிகளின் ஆளுநர்கள் உட்பட 3000 இற்கும் மேற்பட்ட பங்கேற்பாளர்கள் கலந்துகொள்வார்கள் என எதிர்பார்க்கப்படுகின்றது.

வருடாந்தக் கூட்டத்திற்கான ஒட்டுமொத்த நெறிமுறை ஏற்பாடுகளை வெளிநாட்டு அமைச்சு வழிநடாத்தி, வருகை தரும் பிரமுகர்களுக்கான இருதரப்பு ஈடுபாடுகளை ஒருங்கிணைக்கும். நிகழ்வை வெற்றிகரமாக நடாத்துவதற்கு வெளிநாட்டு அமைச்சின் முழு ஆதரவையும் வெளியுறவுச்  செயலாளர் உறுதியளித்தார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2022 ஜனவரி 12