ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ විවාහයන් ලියාපදිංචි කිරීම හා විවාහ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය.
කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල මුල් පිටපත්, ඒවායේ ඡයා පිටපතක් සමග ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට සකසා ඉදිරිපත් කළ යුතුය.

කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල  මුල් පිටපත්, ඒවායේ  ඡයා පිටපතක් සමග  ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට  සකසා ඉදිරිපත්  කළ යුතුය.
  • ශ්‍රී ලාංකිකයන්

    අවිවාහක අයෙකු නම්

    • විවාහයට බැදෙන දෙදෙනාගේ සිවිල් තත්වය පිළිබද සහතිකයන්.
    • අවිවාහක/දික්කසාද/වැන්දඹු) බව තහවුරු කිරීම සදහා තමන් විසින්ම කරනු ලබන දිවුරුම් ප්‍රකාශය (ආකෘතිපත්‍රය ලබාගත හැක) /හෝ ආසන්නතම ඥතියා විසින් ඉදිරිපත් කරනු ලබන දිවුරුම් ප්‍රකාශය.
    • ආසන්නතම ඥතියා ඉතාලියෙහි සිටින අයෙකුනම් රෝමයෙහි තානාපති කාර්යාලය වෙතින් සහතික කරවාගත යුතුය

    දික්කසාද අයෙකු නම්

    • දික්කසාද සහතිකය/නඩු තීන්දුව

    වැන්දඹු අයෙකු නම්

    • මරණ සහතිකය

  • ශ්‍රී ලාංකිකයෙකු නොවන විට

    වීධිමත් සහතික කිරීම් සහිතව සිවිල් තත්වය තහවුරු කරවීම සදහා (අවිවාහක/දික්කසාද/වැන්දඹු) අදාල රටෙන් නිකුත් කල ලිපිය. (මෙම සහතිකය අදාල රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ඉතාලියේ පිහිටි අදාල රටේ තානාපති කාර්යාලය මගින් සහ Prefectura සහතික කර තිබිය යුතුය)

  • වලංගු ගුවන් ගමන්  බලපත්‍රය

  • උප්පැන්න සහතිකය

  • ශ්‍රී ලංකා ජාතික හැදුනුම්පත (තිබේ නම්)

  • රෑදිසිටීමේ බලපත්‍රය / විසා Soggiorno

  • ලිපිනය තහවුරු කිරීමේ ලියවිලි ඉතාලි හැදුණුම්පත (Carta d’Identita )/ නේවාසික සහතිකය (Certificato d’ Residensa)
  • සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ ගමන් බලපත්‍ර සහ ලිපිනයන් තහවුරු කිරීමේ ලියකියවිලි සහ රදිසිටීමේ බලපත්‍ර (ලියාපදිංචිය සිදුකරනු ලබන දිනයෙහි මුල්පිටපත්ඉ දිරිපත් කිරීමේ එකගතාවය මත සාක්ෂිකරුවන්ගේ ලේඛන වල පිටපත් ලියාපදිංචියට වැඩකරන දින 03 කට පෙර ඊමේල් හෝ ෆැක්ස් මගින් එවිය හැක) Email: slemb.rome@mfa.gov.lk

  • ලියාපදිංචිය සිදුකිරීමට බලාපොරොතු වන දිනය සහ  වේලාව

Application Forms