ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය වන අතර එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇත.

ඒ අනුව වර්ෂ 2018 ජනවාරි 01 දිනට පසුව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත් ගමන් බලපත්‍රයක් භාවිතාකර ශ්‍රී ලංකාවට යෑමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇගිලි සළකුණු ලබාදීමට හැකිවන පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස ඔබට උපදෙස් ලබා දෙනු ලැබේ.

ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කිරීමේ ක්‍රමවේදය

මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය.සහතිකවල මුල්පිටපත් වෙනමම ඉදිරිපත් කරන්න. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.
ගමන් බල පත්‍රය නැතිවූ බවට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතුය.ගමන් බලපත්‍රයේ අංකය පැමිණිල්ලේ සදහන් විය යුතුය.

  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය හා “ ඩී ” ආකෘති පත්‍රය.

    • ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
    • අත්සන සදහන් කිරීම( ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
    • පැරණි බලපත්‍රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කල යුතුය.
  • සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්‍රමාණයේ ඡායාරූප 04.

    • දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
    • භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
    • ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
    • කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
  • උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)

  • විවාහයෙන් පසු නම වෙනස් වන්නේනම් ඒ බව සනාත කිරීමට විවාහ සහතිකය.

  • නැතිවු ගමන් බලපත්‍රයේ  දත්ත පිටුවේ(පිටු අංක 2 සහ 3) සහ වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවල(පිටු අංක 4 සහ 5) ඡායා පිටපත් ඇත්නම් ඒවා

  • ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට වු සහතික.

  • ශ්‍රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.

  • නැතිවූ ගමන් බල පත්‍රයේ ජාතික හැදුනුම්පත් අංකය සදහන්ව නැති විට ජාතික හැදුනුම්පත හෝ එය නැති බවට දිවුරුම් සහතිකයක්.

  • තම වෘත්තිය /රැකියාව ගමන් බලපත්‍රයේ සදහන් කිරීමට අවශ්‍ය නම් ඒ බව සනාථ කිරීම සදහා වෘත්තීය හෝ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතුය. (අදාල සහතික ‍විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍කොන්සියුලර් අංශය මගින් සහතික කර තිබිය යුතුය)

Application Forms

පැමිණිලි පෝරමය
දිවුරුම් ප්‍රකාශය