මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අළුත උපන් දරුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍රයක් (Stop Gap) ඉල්ලුම් කරන්නේනම් කට්ටල තුනක් අවශ්‍යවේ දරුවාද සමග මව/පියා පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.

ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.

    • කුඩා දරුවන්ගේ අත්සන වෙනුවට නමෙහි එක් නමක් ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි ලිවිය යුතුය. ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කල යුතුය
  • සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්‍රමාණයේ ඡායාරූප 04.

    • දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
    • භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
    • ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
    • කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
  • ශ්‍රී ලංකා රජය නිකුත් කල උප්පැන්න සහතිකය.

  • ශ්‍රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.

  • දෙමාපියන්ගේ ගමන් බල පත්‍ර සහ ඒවායේ පහත පිටුවල ඡායා පිටපත්( දත්ත ඇතුලත් පිටු , “වෙනස් කිරීම් හා නිරීක්ෂණ” සහිත පිටු (පිටු අංක 4 සහ 5 ) ළමයින් ඇතුළත් පිටු( පිටු අංක 8 සහ 9)
  • ඉතාලි රජයේ උප්පැන්න සහතිකය. (NASCITA )මෙහි මව  පියාගේ  නම් ඇතුලත්විය යුතුය)
  • දෙමාපියන්ගේ විවාහ සහතිකය. (නීතියෙන් වෙන්වී ඇතිවිට දික්කසාද සහතිකයද මව හෝ පියා මිය ගොස් ඇත්නම් මරණ සහතිකයද ඉදිරිපත් කලයුතුය.)

  • දරුවාට වෙනම ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට දෙමාපියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

Application Forms