මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. දරුවාගේ උපත සිදුවී වසරකට වඩා කල්ගතවී ඇතිවිට ලිපි ගොනු තුනක් ලෙස සකස්කොට ඉදිරිපත් කල යුතුය. අයදුම්පත්‍රය පිරවීමට පෙර එහි උපදෙස් හොදින් කියවන්න.

අයදුම් කිරීමේ ක්‍රමවේදය

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද පුරවැසි අයදුම්පත්‍රය (පුරවැසි 1) හා එහි ඡායා පිටපතක්.

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද උපතක් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය.(  B 4 හෝ B 6).

  • ඉතාලි රජයේ (COMUNE) මගින් නිකුත් කරන ලද දෙමාපියන්ගේ නම් ඇතුලත් දරුවාගේ  උප්පැන්න සහතිකය.(NASCITA)

  • දෙමාපියන්ගේ විවාහ සහතිකය.( පරිවර්තනය කරන ලද සහතික මුල් පිටපත් ලෙස නොසැලකේ)

  • දරුවා ඉපදෙන විට දෙමාපියන් අවිවාහකව/හෝ දික්කසාද වී සිටියේනම් මාතෘත්වය හෝ පීතෘත්වය සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ.

  • දෙමාපියන්ගේ උප්පැන්න සහතිකවල මුල්පිටපත.( පරිවර්තනය කරන ලද සහතික මුල් පිටපත් ලෙස නොසැලකේ)

  • දෙමාපියන්ගේ ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදුනේනම් ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සනාථ කරන ලේඛණ වල මුල්පිටපත්.

  • දෙමාපියන්ගේ වර්තමාන ගමන් බලපත්‍ර හා ඒවායේ පහත දක්වා ඇති පිටුවල ඡායා‍ පිටපත්. (දරුවා ඉපදෙන විට මව හා පියා සතුව වෙනත් ගමන් බල පත්‍ර  තිබුනේනම් එවායේද පහත දැක්වෙන පිටු)

    • දත්ත ඇතුලත් පිටුවෙහි ඡායා පිටපත්.
    • වෙනස් කිරීම් වලට අදාල පිටුවල ඡායා පිටපත්‍(පිටු අංක 4 -5)
  • දරුවා ඉපදෙන විට මව හා පියා සතු වීසා හෝ ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බව සනාථ කල හැකි ලේඛණ.

  • දරුවා ඉපදෙන අවස්ථාව වන විට මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකුනම් දරුවාට ශ්‍රී ලංකාවේ උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය සදහා අයදුම් කිරීමට හිමිකම ඇත.