දිවුරුම් ප්‍රකාශ සහ ඇටෝර්නි බල පත්‍ර  සහතික කිරීම

  • සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය හෝ ඇටොර්නි බලපත්‍රය.

  • ඉල්ලුම්කරුගේ ශ්‍රී ලංකා වලංගු ගමන් බලපත්‍රය සහ ජායාපිටපතක්

  • ඉල්ලුම්කරුගේ ඉතාලි වලංගු Soggiorno

  • සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බලපත්‍ර  සහ ජායාපිටපතක් බැගින්.

  • ඉල්ලුම්කරු හා සාත්ෂිකරුවන්ගේ රැදී සිටීමේ බලපත්‍ර හෝ ඉතාලි පුරවැසිභාවය ලබා නැති බව සනාථකල හැකි ලේඛණ.

සැලකියයුතු කරුණු

  • ඇටෝර්නි බලපත්‍රය පිළියෙල කරන ලද නීතිඥ වරයාගේ නම සහ ලිපිනය ඇටෝර්නි බලපත්‍රයෙහි මුල් පිටුවෙහි ඉහළ හා ඉල්ලුම්කරුගේ ඉතාලි ලිපිනය ඊට අදාල ස්ථානයේ සදහන් කරන්න.

  • සාක්ෂි කරුවන්ගේ නම්, ඉතාලි ලිපිනයන්, හා ගමන් බලපත්‍ර අංක සාක්ෂිකරුවන් අත්සන් කිරීමට ඇති නියමිත ස්ථානයේ පැහැදිලිව සදහන් කරන්න.

  • සම්පූර්ණ කරන ලද ” ඇටෝර්නි බලපත්‍රයෙහි මුල් පිටපතට අමතරව එහි ඡායා පිටපතක්ද ඉල්ලුම්කරුගේ ගමන් බලපත්‍රය රැදී සිටීමේ බලපත්‍රයද, ඉතාලි හැදුනුම්පතේ ඡායා පිටපත බැගින් ද සාක්ෂිකරුවන්ගේ ගමන් බලපත්‍ර පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.

  • අත්සන් කිරීම සිදුකල යුත්තේ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඉදිරිපිටදීය.