අයදුම් කිරීමේ ක්‍රමවේදය

පොලිස් වාර්තාව ඔබගේ ඉතාලි ලිපිනයට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කුරියර් සේවාව සදහා නියමිත ආකෘතියද සම්පූර්ණකර ඉදිරිපත් කල යුතුය.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.

    • ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
    • අත්සන සදහන් කිරීම (ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
    • පැරණි බලපත්‍රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කල යුතුය.
  • උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)

  • ඔබ සතු වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය

  • ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා පිටපතක් (හැදුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ නොමැතිනම් අයදුම්පත ප්‍රතික්ෂේපවේ.)

  • ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සහ සම්බන්ධ කල හැකි දුරකතන අංකය සදහන්  කල යුතුය.

  • ඔබගේ ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට තහවුරු කල හැකි ලේඛණ.

Application Forms