කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය

මෙම කොන්සියුලර් ප්‍රකාශය නිකුත් කිරීම සදහා ඉදිරිපත් කරන සියලුම ලේඛණ/සහතිකවල, සදහන් නම් අතර  පරස්පරතා නොතිබිය යුතුය
  • සම්පූර්ණ කරන ලද පහත සදහන් අයදුම් පත්‍රය

  • ඉල්ලුම්කරුගේ වලංගු ගමන් බලපත්‍රය. (ඡායා පිටපත් සමග)

  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතික (Original)සමග ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග)

  • ඉල්ලුම්කරු විවාහක නම් විවාහ සහතිකය සමග   ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග)

  • ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් සමග ඉංග්‍රීසි පරිවර්තන.(ඡායා පිටපත් සමග)
    (මේ සදහා ඉදිරිපත් කරන උප්පැන්න/මරණ/ විවාහ සහ අනිකුත් සිංහල හෝ දෙමළ මුල් සහතික (Original) සහ ඒවායෙහි ඉංග්‍රීසි පරිවර්තන කොළඹ විදේශ කටයුතු අමාත්‍යාශයේ කොන්සියුලර් අංශය මගින් වසරක කාලයක් තුලදී සහතික කර තිබිය යුතුය.(විදේශ කටයුතු අමාංත්‍යාංශයේ සහතික කිරීම වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සදහා පමණි)
  • ල්ලුම්කරුගේ කලත්‍රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ ගමන් බලපත්‍ර (ඡායා පිටපත් සමග)

  • ඉල්ලුම්කරුගේ ඉතාලි හැදුනුම් පත හා රැදී සිටීමේ බලපත්‍රය.(ඡායා පිටපත් සමග)

  • මෙම කොන්සියුලර් ප්‍රකාශයට ඉල්ලුම්කරුගේ ඉතාලි ලිපිනය / ලංකාවේ ලිපිනය ඇතුලත් කිරීමට අවශ්‍යනම් ඒ බව තහවුරු කිරීමට ඉතාලි හැදුනුම්පත / ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ  ලිපිනය තහවුරු කල හැකි වෙනත් පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කල යුතුය. (ඡායා පිටපත් සමග)

  • එක් කොන්සියුලර් ප්‍රකාශයක් සදහා සේවා ගාස්තුව යූරෝ 25/=

Application Forms