විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර , එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි අතර, ඒ සදහා විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත පහත ලියවිලිද සමග පැමිණිය යුතුය.

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ජීවත්වීමේ සහතිකය (2018 වර්ෂයට අදාල සහතිකය පහත යොමුව මගින් ලබා ගත හැක)

  • වලංගු ශ්‍රී ලංකා ගමන් බල පත්‍රය.

  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විශ්‍රාමික හැදුනුම්පත.

  • රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) තිබේනම් .

Application Forms

ජීවත්වීමේ සහතිකය