ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණයන් ලියාපදිංචි කිරීම හා මරණ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය.
අයදුම් කිරීම මියගිය අයගේ සමිපතම ඥාතියෙකු (කාලත්‍රයා/දුදරුවන්,දෙමාපියන් සහෝදර සහෝදරියන් හෝ මරණය සිදුවන අවස්ථාවේදී අසල සිටි සමීපතමයකු) මගින් සිදු කළහැක .

අවශ්‍ය උපදෙස් හා ඉදිරිපත් කලයුතු ලියකියවිලි

  • සම්පුර්ණ කරනලද අයදුම් පත්‍රය

    • B11 පෝරමය (මාස 3 ක් ඇතුලතදී සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම සදහා)
    • B15 පෝරමය (මාස 3 ක් ඉකුත් වූ මරණයක් ලියාපදිංචි කිරීම සදහා)
  • මාස තුනක් ඇතුලතදී මරණයක් ලියාපදිංචිවී කිරීමට නොහැකි වූ කරුණු සදහන් ප්‍රකාශය

  • මරණය සිදුවන අවස්ථාවේ මියගිය තැනැත්තා එම රටේ පදිංචිව සිටි බවට තහවුරු කිරීමේ ලියවිලි (එම තැනැත්තාගේ වලංගු ගමන් බලපත්‍රය, රැදිසිටීමේ විසා බලපත්‍රය හා ඉතාලි හැදුනුම්පත)
  • මරණය සිදුවූ රටින් ලබාදෙන මරණ සහතිකය (ලියවිල්ල) / ( Death Certificate) / (Certificato di Morte)

  • මරණය සිදුවූ රටින් ලබාදෙන පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාව / මරණය පිළිබදව සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කල සහතිකය (මරණයට හේතුව ඉතා නිවැරදිව සදහන්ව තිබිය යුතුය) Postmortem / Medical Death Certificate (Certificato con Cause Mediche di Morte)
  • භූමදානය  / ආදාහනය සදහා ලබාදුන් අවසර පත්‍රය Burial Permit (Permesso al Seppellimento)

  • භූමදානය / ආදාහනය සිදුකල බවට ඉතාලි බලධාරීන් ලබාදෙන සහතිකය (අවසන් කටයුතු ලංකාව තුල සිදුකරන ලද්දේ නම්අ වශ්‍ය නොවේ Burial /Crimination Report (Rapprto di Cremazione / Sepoltura)
  • දේහය ශ්‍රී ලංකාවට රැගෙනයාම සදහා හෝ මරණය සිදුවූ රටතුළ අවසන් කටයුතු සිදුකිරීම පිළිබදව වීරෝධතාවයක් නොමැති බවට තානාපති කාර්යාලය මගින් නිකුත් කළ සහතිකය (Nulla Osta)
  • දේහය ලංකාවට ගෙනයාම සිදුකලේනම් ඒ බව තහවුරු කිරීමේ ලියවිලි (ගුවන් ප්‍රවාහන ලදුපත) ආදාහනය / භූමදානය කිරීමේ සහතිකය (Rapprto di Cremazione / Rapprto di Sepoltura)
  • මරණය ලියාපදිංචි කිරීම සදහා ඉල්ලුම් කරන ඉල්ලුම්කරු / ඉල්ලුම්කරියගෙ අනන්‍යතාවය සහතික කිරීමේ ලියැකියවිලි

    • වලංගු ගුවන් ගමන් බලපත්‍රය
    • ඥතිත්වය තහවුරු කිරීමේ ලේඛනයන් ( කාලත්‍රයා නම් විවාහ සහතිකය)
    • රැදී සිටින රටේ හැදුනුම්පත, රැදී සිටීමේ විස බලපත්‍රය