Human Rights Council 48th Regular Session

Agenda Item 2: Oral update on Sri Lanka by the High Commissioner for Human Rights

Statement by Hon. Prof. G.L. Peiris Foreign Minister of Sri Lanka (Geneva, 14 September 2021)

 Madam President,

Let me begin by reiterating our strong and continued cooperation with this Council and the United Nations mandated human rights system, in keeping with our Constitution and our international obligations voluntarily undertaken.

Twelve years ago, Sri Lanka eradicated LTTE terrorism on its soil. We have restored peace, security and stability for the benefit of our people. We held firm to our democratic traditions and elections were held at regular intervals with high levels of voter participation – most recently at the 2019 Presidential and 2020 Parliamentary polls. The Government is committed to holding the Provincial Council elections at the earliest.

We are dealing with post-conflict recovery from the perspective of healing. Most recently, 16 LTTE cadres convicted of serious terrorist crimes were granted Presidential pardons. The success of post conflict demining, reconstruction and resettlement programs has contributed immensely to national reconciliation.

Despite the daily challenges of the devastating COVID-19 pandemic, let me highlight the progress made in the domestic processes:

  • The Office on Missing Persons (OMP) as its core function, is finalizing the list of missing persons in collaboration with other agencies.  
  • The Office for Reparations (OR) has processed 3775 claims this year.
  • The Office for National Unity and Reconciliation (ONUR) continues its 8 point action plan.
  • The National Human Rights Commission is carrying on its mandate.
  • A steering committee on SDG 16 is working towards enhancing peace, justice and strong institutions.
  • A Cabinet Sub Committee was appointed to revisit the PTA and to bring it in line with international norms and best practices. A report will be submitted to the Cabinet of Ministers at the end of this month. An Advisory Board was appointed to look into cases of detention under the PTA and to make recommendations to deal with such cases expeditiously. Speedy disposal of cases under the PTA is also taking place.
  • Commission of Inquiry headed by a sitting judge of the Supreme Court was established to address issues on accountability and missing persons and to revisit recommendations by previous Commissions. The COI submitted its Interim report to the President. The final report will be submitted within the next 06 months.
  • We are maintaining vigorous engagement with civil society to obtain their insights and to harness their support in achieving reconciliation and development.

Madam President,

Sri Lanka continues to investigate and prosecute the perpetrators of the appalling terrorist attack on Easter Sunday in 2019 complying with due process of law in all respects. As always, we will remain vigilant in combatting terrorism and protecting Sri Lankans of all religions.

Madam President,

We reject the proposal for any external initiatives purportedly established by Resolution 46/1 while domestic processes are vigorously addressing the relevant matters. This will polarize our society, as we experienced with Resolution 30/1. The Council must adhere to its founding principles. External initiatives embarked upon without the cooperation of the country concerned cannot achieve their stated goals, and will be subject to politicization. The resources expended on this initiative are unwarranted, especially when they are urgently needed for humanitarian and other constructive purposes in many parts of the world.

Madam President,

Under the current and pressing challenges of the COVID-19 pandemic, we consider it a basic duty of a government to ensure the uninterrupted supply of commodities essential to the life of the community. We are open in acknowledging our challenges and as a responsible and democratic government, we are committed to achieving tangible progress on the entire range of issues relating to accountability, reconciliation, human rights, peace and sustainable development.

I thank you, Madam President.

…………………………….

The video can be viewed through the following link:

 https://youtu.be/x1E0-kOsiTc

…………………………….

මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය

න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම

ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය (2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවා හිදී)

සභාපතිතුමියනි,

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් භාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමඟ අපගේ ශක්තිමත් හා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින් මම ආරම්භ කරමි.

වසර 12 කට පෙර, ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය එහි භූමියෙන් තුරන් කරන ලදී. අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය යළි ස්ථාපිත කොට ඇත්තෙමු. අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ශක්තිමත් ලෙස රඳවාගෙන සිටි අතර, මෑතක දී පැවති 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළුව, විධිමත් කාල පරිච්ඡේදවල දී ඉහළ මට්ටමක ඡන්ද දායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ ද හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටී.

අපි පශ්චාත්-ගැටුම් තත්ත්වයක් තුළ සුවය ලැබීමේ දෘෂ්ඨි කෝණයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා කටයුතු කරමින් සිටිමු. ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී. ගැටුම්වලින් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන්වල සාර්ථකත්වය මඟින්, ජාතික සංහිඳියාව සඳහා අතිමහත් දායකත්වයක් ලබා දී ඇත.

විනාශකාරී කොවිඩ්-19 වසංගතයේ දෛනික අභියෝග මධ්‍යයේ වුවද, දේශීය ක්‍රියාවලිවල ප්‍රගතිය ඉස්මතු කර දැක්වීමට මට අවසර දෙන්න:

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) එහි මූලික කාර්‍ය ලෙස, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් යුතුව අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව සකස් කොට අවසන් කරමින් සිටී.
  • වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මෙම වසරේ දී හිමිකම් ඉල්ලීම් 3,775 ක් සකස් කොට ඇත.
  • ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) සිය කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
  • ජාතික මානව හිමිකම් කොමිසම සිය  වරම ක්‍රියාත්මක කරයි.
  • තිරසාර සංවර්ධන ඉලක්ක 16 පිළිබඳ මෙහෙයුම් කමිටුවක් සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටී.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීමට සහ ජාත්‍යන්තර සම්මතයන්ට හා විශිෂ්ඨ පරිචයන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් පත් කරන ලදී. මේ මස අවසානයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට සහ එවැනි නඩු කඩිනමින් විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පිණිස උපදේශක මණ්ඩලයක් පත් කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ද සිදු වෙමින් පවතී.
  • වගවීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා සහ කලින් පැවති කොමිෂන් සභාවල නිර්දේශ නැවත සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසන විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. මෙම පරීක්ෂණ කොමිෂන් සභාව සිය අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. ඒ පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි මාස 06 ඇතුළත භාර දෙනු ඇත.
  • ඔවුන්ගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ සංහිඳියාව හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය උපයෝගී කර ගැනීම පිණිස, අපි සිවිල් සමාජය සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්නෙමු.

සභාපතිතුමියනි,

සෑම අතින්ම නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටී. සැම විටම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු.

සභාපතිතුමියනි,

දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමු. 30/1 යෝජනාව සමඟ අප විසින් අත්විඳ ඇති පරිදි, මෙය මඟින් අපගේ සමාජය ධ්‍රැවීකරණය වනු ඇත. මෙම සභාව විසින් එහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුව ඇත. අදාළ රටේ සහයෝගය නොමැතිව ආරම්භ කරන ලද බාහිර මුලපිරීම්වලට ඒවායෙහි ප්‍රකාශිත ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර, ඒවා දේශපාලනීකරණයට යටත් වනු ඇත. විශේෂයෙන් ඒවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල මානුෂීය හා වෙනත් සාධනීය අරමුණු සඳහා හදිසි අවශ්‍යතාවයන්ව පැවතිය දී, මෙම මුලපිරීම සඳහා සම්පත් වැය කිරීම අනවශ්‍ය කටයුත්තකි.

සභාපතිතුමියනි,

වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සලකමු. අපි අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව , මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම ස්පෘශ්‍ය ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.

සභාපතිතුමියනි, මම ඔබට ස්තූතිවන්ත වෙමි.

………………………………………..

The video can be viewed through the following link:

https://youtu.be/x1E0-kOsiTc

……………………………………

மனித உரிமைகள் பேரவை 48வது வழக்கமான அமர்வு

நிகழ்ச்சி நிரல் விடயம் 2:  மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகரால் இலங்கை குறித்த  வாய்மொழி அறிவிப்பு

கௌரவ. பேராசிரியர் ஜீ.எல். பீரிஸ் இலங்கையின் வெளிநாட்டு அமைச்சர்  அவர்களின் அறிக்கை (ஜெனீவா, 2021 செப்டம்பர் 14)

  தலைவி அவர்களே,

எமது அரசியலமைப்பு மற்றும் சர்வதேசக் கடமைகளுக்கு இணங்க, மனித உரிமை முறைமையினால் கட்டளையிடப்பட்டுள்ள இந்த சபை மற்றும் ஐக்கிய நாடுகள் சபையுடனான எமது வலுவான  மற்றும் தொடர்ச்சியான ஒத்துழைப்பை மீண்டும் வலியுறுத்துவதன் மூலம் எனது உரையை ஆரம்பிக்கின்றேன்.

தமிழீழ விடுதலைப் புலிகளின் பயங்கரவாதத்தை தனது மண்ணில் பன்னிரண்டு ஆண்டுகளுக்கு முன்னர் இலங்கை ஒழித்தது. நாம் எமது மக்களின் நலனுக்காக சமாதானம், பாதுகாப்பு மற்றும் ஸ்திரத்தன்மையை மீட்டெடுத்துள்ளோம். எமது ஜனநாயக மரபுகளை நாம் உறுதியாகப் பேணி வந்தோம் – மிகவும் அண்மையில் இடம்பெற்ற 2019ஆம் ஆண்டில் ஜனாதிபதித் தேர்தல் மற்றும் 2020ஆம் ஆண்டில் நாடாளுமன்றத் தேர்தல்களில், அதிக அளவிலான வாக்காளர்களின் பங்கேற்புடன் வழக்கமான இடைவெளியில் தேர்தல்கள் நடாத்தப்பட்டன. மாகாண சபைத் தேர்தலை விரைவாக நடாத்துவதற்கு அரசாங்கம் உறுதிபூண்டுள்ளது.

குணப்படுத்துதல் என்ற கண்ணோட்டத்தில் மோதலுக்குப் பிந்தைய மீட்பு நடவடிக்கைகளக் கையாள்கின்றோம். மிகவும் அண்மையில், தீவிரமான பயங்கரவாதக் குற்றங்களில் குற்றம் சாட்டப்பட்ட 16 விடுதலைப் புலிகளுக்கு ஜனாதிபதியனால் பொதுமன்னிப்பு வழங்கப்பட்டது. மோதலுக்குப் பிந்தைய கண்ணிவெடி அகற்றல், புனரமைப்பு மற்றும் மீள்குடியேற்றத் திட்டங்களின் வெற்றியானது, தேசிய நல்லிணக்கத்திற்கு பெரும் பங்களிப்பை வழங்கியுள்ளது.

பேரழிவுகளை ஏற்படுத்தும் கோவிட்-19 தொற்றுநோயின் நாளாந்த சவால்கள் இருந்தபோதிலும், உள்நாட்டு செயன்முறைகளில் ஏற்பட்ட முன்னேற்றத்தை நான் முன்னிலைப்படுத்துகின்றேன்:

  • காணாமல் போனவர்கள் தொடர்பான அலுவலகம் அதன் முக்கிய செயற்பாடாக, ஏனைய நிறுவனங்களுடன் இணைந்து காணாமல் போனவர்களின் பட்டியலை இறுதி செய்கின்றது.
  • இழப்பீட்டு அலுவலகம் இந்த ஆண்டு 3775 கோரிக்கைகளை செயலாக்கியுள்ளது.
  • தேசிய ஒற்றுமை மற்றும் நல்லிணக்கத்திற்கான அலுவலகம் அதன் 8 அம்ச செயற்றிட்டத்தைத் தொடர்கின்றது.
  • தேசிய மனித உரிமைகள் ஆணைக்குழு அதன் ஆணையை நிறைவேற்றுகின்றது.
  • நிலையான அபிவிருத்தி இலக்கு 16 இன் கீழான வழிநடத்தல் குழுவொன்று சமாதானம், நீதி மற்றும் வலுவான நிறுவனங்களை மேம்படுத்துவதை நோக்கமாகக் கொண்டுள்ளது.
  • பயங்கரவாதத் தடைச் சட்டத்தை மறுபரிசீலனை செய்வதற்கும், சர்வதேச விதிமுறைகள் மற்றும் சிறந்த நடைமுறைகளுக்கு ஏற்ப கொண்டுவரவும் அமைச்சரவை உப குழுவொன்று நியமிக்கப்பட்டது. இம்மாத இறுதியில் அமைச்சரவையில் அறிக்கை சமர்ப்பிக்கப்படும். பயங்கரவாதத் தடைச் சட்டத்தின் கீழ் தடுப்புக்காவலில் வைக்கப்பட்டுள்ள வழக்குகளை விசாரணை செய்யவும், இதுபோன்ற வழக்குகளை விரைவாக சமாளிப்பதற்கான பரிந்துரைகளை வழங்கவும் ஆலோசனைக் குழுவொன்று நியமிக்கப்பட்டது. பயங்கரவாதத் தடைச் சட்டத்தின் கீழ் வழக்குகளை விரைந்து தீர்ப்பதும் நடைபெற்று வருகின்றது.
  • பொறுப்புக்கூறல் மற்றும் காணாமல் போனவர்கள் தொடர்பான பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதற்காகவும், முந்தைய ஆணைக்குழுக்களின் பரிந்துரைகளை மறுபரிசீலனை செய்வதற்காகவும் உயர் நீதிமன்ற நீதிபதியின் தலைமையில் விசாரணை ஆணைக்குழு அமைக்கப்பட்டது. விசாரணை ஆணைக்குழு தனது இடைக்கால அறிக்கையை ஜனாதிபதியிடம் சமர்ப்பித்தது. இறுதி அறிக்கை அடுத்த 06 மாதங்களுக்குள் சமர்ப்பிக்கப்படும்.
  • நல்லிணக்கம் மற்றும் அபிவிருத்தியை அடைந்து கொள்வதற்கு, நுண்ணறிவுகளைப் பெறுவதற்கும், ஆதரவைப் பயன்படுத்துவதற்கும் நாங்கள் சிவில் சமூகத்துடன் தீவிரமான ஈடுபாட்டைப் பராமரிக்கின்றோம்.

தலைவி அவர்களே,

2019ஆம் ஆண்டு உயிர்த்த ஞாயிறு தினம் அன்று இடம்பெற்ற பயங்கரவாதத் தாக்குதலின் குற்றவாளிகள் மீது இலங்கை தொடர்ந்தும் விசாரணைகளை முன்னெடுத்து, அனைத்து விதமான சட்ட நடைமுறைகளையும் பின்பற்றி வருகின்றது. பயங்கரவாதத்தை எதிர்த்துப் போராடுவதிலும், அனைத்து மதங்களைச் சார்ந்த இலங்கையர்களைப் பாதுகாப்பதிலும் எப்போதும் போல நாம் விழிப்புடன் இருப்போம்.

தலைவி அவர்களே,

தீர்மானம் 46/1 ஆல் நிறுவப்பட்ட எந்தவொரு வெளிப்புற முன்முயற்சிகளுக்கான முன்மொழிவை நாங்கள் நிராகரிக்கும் அதே நேரத்தில், சம்பந்தப்பட்ட விடயங்களில் உள்நாட்டு செயன்முறைகள் கையாளப்படுகின்றன. தீர்மானம் 30/1 இனால் நாங்கள் அனுபவித்தபடி இது எமது சமூகத்தைத் துருவப்படுத்திவிடும். மனித உரிமைகள் பேரவை அதன் ஸ்தாபகக் கொள்கைகளைக் கடைபிடிக்க வேண்டும். சம்பந்தப்பட்ட நாட்டின் ஒத்துழைப்பு இல்லாமல் தொடங்கப்பட்ட வெளிப்புற முயற்சிகளால் அந்த நாட்டினால் குறிப்பிட்ட இலக்குகளை அடைந்து கொள்ள முடியாது என்பதுடன், அது அரசியல்மயமாக்கலுக்கு உட்படுத்தப்படும். குறிப்பாக உலகின் பல பகுதிகளில் மனிதாபிமான மற்றும் ஏனைய ஆக்கபூர்வமான நோக்கங்களுக்காக அவை அவசரமாகத் தேவைப்படும்போது, இந்த முயற்சியில் செலவிடப்பட்ட வளங்கள் தேவையற்றவை.

தலைவி அவர்களே,

கோவிட்-19 தொற்றுநோயின் தற்போதைய மற்றும் அழுத்தமான சவால்களின் கீழ், சமூக வாழ்க்கைக்குத் தேவையான அத்தியாவசியப் பொருட்களின் தடையற்ற விநியோகத்தை உறுதி செய்வதை அரசாங்கத்தின் அடிப்படைக் கடமையாக நாங்கள் கருதுகின்றோம். எமது சவால்களை ஒப்புக்கொள்வதில் நாம் வெளிப்படையாக இருக்கின்றோம், பொறுப்பான மற்றும் ஜனநாயக அரசாங்கமாக, பொறுப்புக்கூறல், நல்லிணக்கம், மனித உரிமைகள், சமாதானம் மற்றும் நிலையான அபிவிருத்தி தொடர்பான முழு அளவிலான பிரச்சினைகளில் உறுதியான முன்னேற்றத்தை அடைந்து கொள்வதற்கு நாங்கள் கடமைப்பட்டுள்ளோம்.

தலைவி அவர்களே, நன்றி.

…………………………………………

The video can be viewed through the following link:

 https://youtu.be/x1E0-kOsiTc