Foreign Minister of Nepal Dr. Narayan Khadaka paid a courtesy call on Prof. G.L. Peiris, Minister of Foreign Affairs  of Sri Lanka on 30 March 2022, on the sidelines of the BIMSTEC Summit in Colombo. During the discussion, the Foreign Ministers of the two countries expressed satisfaction over the ever-growing two-way bond and discussed avenues to further strengthen political, economic and cultural relations.

Foreign Minister Prof. Peiris acknowledged with appreciation the principled position maintained by Nepal in respect of Sri Lanka in the United Nations Human Right Council and the solidarity demonstrated towards Sri Lanka at the 49th  Session of the Human Rights Council in Geneva held in March 2022.

Sri Lanka’s Foreign Minister also noted that the establishment of direct flights between Colombo and Kathmandu was a significant move aimed at enhancing air connectivity as it would pave the way for augmenting cooperation in the field of trade and tourism.

Foreign Minister Prof. Peiris also highlighted the importance of regular high-level exchanges of trade chambers and business entrepreneurs of both countries to identify new business opportunities particularly in the tourism, education, power and energy sectors including hydro power.

The two Foreign Ministers agreed to convene the inaugural session of the Joint Commission (JC) between Sri Lanka and Nepal on 30-31 May 2022 in Colombo which provides a structured platform to review bilateral interests and ongoing programmes in the political, economic, education and cultural areas.

Foreign Minister Prof. Peris also underscored Sri Lanka’s continued commitment to developing Lumbini as a place of pilgrimage and Buddhist heritage since Buddhism invigorates a sense of goodwill towards each other.

Ministry of Foreign Affairs

Colombo

01 April, 2022

 

 

 

…………………………..

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුදෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති

2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අතරතුර, දෙරට අතර දිනෙන් දින වර්ධනය වන ද්වි-මාර්ගික බැඳීම පිළිබඳව තෘප්තිමත් වූ විදේශ අමාත්‍යවරු දෙපළ, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නේපාලය පවත්වාගෙන යන ප්‍රතිපත්තිමය ස්ථාවරය සහ 2022 මාර්තු මස ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී නේපාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වූ සහයෝගීතාව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමාගේ පැසසුමට ලක් විය.

කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීමට ඉවහල් වන බැවින්, දෙරට අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ගුවන් සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් බව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

විශේෂයෙන්ම ජල විදුලිය ඇතුළු සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, විදුලිබලය හා බලශක්තිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා දෙරටේම වෙළෙඳ මණ්ඩල සහ ව්‍යාපාරික ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ හුවමාරු සඳහා යොමු කිරීමේ වැදගත්කම ද, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.

ද්විපාර්ශ්වික අවශ්‍යතා සහ දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික අංශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන වැඩසටහන් සමාලෝචනය කිරීම සඳහා ව්‍යුහාත්මක වේදිකාවක් සපයන ශ්‍රී ලංකා සහ නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිවාරය 2022 මැයි 30 – 31 යන දිනවල කොළඹ දී පැවැත්වීමට විදේශ අමාත්‍යවරු දෙපළ සිය එකඟත්වය පළ කළහ.

බුදු දහම හරහා දෙරට අතර සුහදශීලී බව වර්ධනය වන බැවින්, ලුම්බිනිය වන්දනා ස්ථානයක් සහ බොදුණු උරුමයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහය ලබා දෙන බවද, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 01 වැනි දින

…………………………………..

ஊடக வெளியீடு

இலங்கை மற்றும் நேபாள வெளிவிவகார அமைச்சர்கள் இருதரப்பு உறவுகளை மேலும் புதிய ஒத்துழைப்பின் பகுதிகளாக விரிவுபடுத்துவதற்கான அர்ப்பணிப்பைப் புதுப்பிப்பு

கொழும்பில் நடைபெற்ற பிம்ஸ்டெக் உச்சி மாநாட்டையொட்டி, நேபாள வெளியுறவு அமைச்சர் கலாநிதி நாராயண்கடகா, 2022 மார்ச் 30ஆந் திகதி இலங்கையின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸை மரியாதை நிமித்தம் சந்தித்தார். கலந்துரையாடலின் போது  தொடர்ந்தும் விருத்தியடைந்து வரும் இருவழிப் பிணைப்பு குறித்து இரு நாடுகளினதும் வெளியுறவு அமைச்சர்கள் திருப்தி தெரிவித்ததுடன், அரசியல், பொருளாதார மற்றும் கலாச்சார உறவுகளை மேலும் வலுப்படுத்துவதற்கான வழிகள் குறித்து கலந்துரையாடினர்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் பீரிஸ், ஐக்கிய நாடுகளின் மனித உரிமைகள் பேரவையில் இலங்கை தொடர்பாக நேபாளம் கடைப்பிடித்து வரும் கொள்கை ரீதியான நிலைப்பாட்டையும், 2022 மார்ச் மாதம் ஜெனிவாவில் நடைபெற்ற மனித உரிமைகள் பேரவையின் 49வது அமர்வில் இலங்கைக்கு வெளிப்படுத்தப்பட்ட ஒற்றுமையையும் பாராட்டினார்.

கொழும்புக்கும் காத்மாண்டுவுக்கும் இடையே நேரடி விமான சேவையை நிறுவுவதானது, வர்த்தகம் மற்றும் சுற்றுலாத் துறையில் ஒத்துழைப்பைப் பெருக்குவதற்கு வழி வகுக்கும் என்பதால், இது விமான இணைப்பை மேம்படுத்துவதை நோக்கமாகக் கொண்ட ஒரு குறிப்பிடத்தக்க நடவடிக்கை என இலங்கையின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் மேலும் குறிப்பிட்டார்.

சுற்றுலா, கல்வி, மின்சாரம் மற்றும் நீர் மின்சாரம் உட்பட எரிசக்தித் துறைகளில் புதிய வணிக வாய்ப்புக்களை அடையாளம் காண இரு நாடுகளினதும் வர்த்தக அறைகள் மற்றும் வணிக தொழில்முனைவோர்களின் வழக்கமான உயர்மட்டப் பரிமாற்றங்களின் முக்கியத்துவத்தையும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் பீரிஸ் எடுத்துரைத்தார்.

இருதரப்பு நலன்கள் மற்றும் அரசியல், பொருளாதாரம், கல்வி மற்றும் கலாசாரத் துறைகளில் நடைபெற்று வரும் திட்டங்களை மழுளாய்வு செய்வதற்கான கட்டமைக்கப்பட்ட தளத்தை வழங்கும் இலங்கைக்கும் நேபாளத்துக்கும் இடையிலான கூட்டு ஆணைக்குழுவின் ஆரம்ப அமர்வை 2022 மே 30 – 31ஆந் திகதிகளில் கொழும்பில் கூட்டுவதற்கு இரு வெளியுறவு அமைச்சர்களும் ஒப்புக்கொண்டனர்.

பௌத்தம் ஒருவருக்கொருவர் நல்லெண்ண உணர்வைத் தூண்டுவதால், லும்பினியை புனித யாத்திரை மற்றும் பௌத்த பாரம்பரிய இடமாக மேம்படுத்துவதில் இலங்கையின் தொடர்ச்சியான அர்ப்பணிப்பை வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் பீரிஸ் சுட்டிக் காட்டினார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஏப்ரல் 01