2017 මාර්තු මස 7 වැනි දින සිට ආරම්භ කරන ලද රියදුරු බලපත්‍ර පරිවර්තනය කරීමට අදාල අයදුම්පත්‍ර රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට (Lombardy, Friuli Venezia Giulia, Liguria, Piedmont, Trentino Alto Adige, Valle d’Aosta , Veneto යන පළාත්වල (Regions) පදිංචි ශ්‍රී ලාංකිකයින් සදහා) බාර දිය හැක. මේ සම්බන්ධව පෙර පැවැති නීති රීති හා ක්‍රමවේදයන් කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර අයදුම්කරු විසින්ම පුද්ගලිකව පැමිණ අයදුම්පත්‍රය හා අදාල ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
මෙම රියදුරු බල පත්‍ර පරිවර්තනයට අදාල ක්‍රියා මාර්ගය සදහා කිසිදු අතරමැදියෙකු පත් කර නැති බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මිලාන්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය (Italian Motorizzazione) හැර වෙනත් පාර්ශව සම්බන්ධ කර නොගන්නා ලෙසත් එවැනි පාර්ශව සම්බන්ධ කර ගැනීමෙන් සිදුවන අකටයුතු සම්බන්ධව මෙම තානාපති කාර්යාලය වග කියනු නොලබන බවත් කාරුණිකව දන්වා සිටිමු.
ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කිරීම
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
ශ්‍රි ලංකාවේ වලංගු රියදුරු බල පත්‍රය ( එහි දෙපැත්තම එකම පිටුවට එන සේ දෙගුණයක් විශාල කරන ලද පැහැදිලි ඡායා පිටපත් දෙකක්. එක් පිටපතක් ලිපි කට්ටලයේ අවසානයට අමුණා ඉදිරිපත් කල යුතුය)
වලංගු ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය (PASSPORT) සහ එහි “දත්ත ඇතුලත් පිටුවේ” සහ “වෙනස් කිරීම් සහ නිරීක්ෂණ” (පිටු අංක 4 /5) පිටුවල ඡායා පිටපත්.(රියදුරු බලපත්‍රයේ සදහන් නම් හා විදේශ ගමන් බලපත්‍රයේ නම් අතර වෙනසක් ඇත්නම් සහ රියදුරු බලපත්‍රය පළුදුවී හෝ දුර්වර්ණ වී තිබේනම් අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප විය හැක.)
ඔබගේ ඉතාලියේ ස්ථිර නේවාසික පදිංචිය තහවුරු කරන වාර්තාව(“Certificato di Residenza STORICO” con la data dell’immigrazione dallo Sri Lanka ) මෙම වාර්තාව මගින් ඔබ ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණ ස්ථිර නේවාසික තත්වය සදහා ලියාපදිංචි වී කොපමණ කලත් ගතවී තිබේද යන්න තහවුරු විය යුතුය.මෙය අදාල COMUNE ආයතනය මගින් ලබා ගත හැකිය.
ඔබගේ ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ ස්ථිර නේවාසික පදිංචිය ලබා ගැනීමට ප්‍රථම ලබා ගත් එකක් වීම අනිවාර්ය වේ.
එසේම ඔබ ඉතාලියේ ස්ථිර පදිංචිය ලබා වසර හතරක් (04) ඉකුත්වීමට පෙර පරිවර්තනය සදහා ඉල්ලුම් කල යුතුය. එසේ නොවන අයදුම්පත්‍ර ප්‍රත්ක්ෂේප වේ.
ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) සහ එහි ඡායා පිටපතක්. (කල් ඉකුත්වූ SOGGIORNO නැවත අළුත් කිරීමට ඉල්ලුම් කල ලියවිලි මත අයදුම්පත් බාර ගනු නොලැබේ.)
V1. ඉතාලි රජය මගින් නිකුත් කල හැදුනුම්පත( CARTA D’IDENTITA)
තානාපති කාර්යාලයීය වෙබ් අඩවිය : www.srilankaembassyrome.org
දුරකතනය හා විද්‍යුත් ලිපිනය : 06.8840801/ slemb.rome@mfa.gov.lk
ෆැක්ස් අංකය : 06 84241670
නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: +94 -11 – 2694331 -3