2018.03.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත කොන්සියුලර් සේවා ගාස්තු

ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය  හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය වන අතර එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇත.
ඒ අනුව වර්ෂ 2018 ජනවාරි 01 දිනට පසුව රෝමයේ තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත් ගමන් බලපත්‍රයක් භාවිතාකර ශ්‍රී ලංකාවට යෑමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇගිලි සළකුණු ලබාදීමට හැකිවන පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස ඔබට උපදෙස් ලබා දෙනු ලැබේ.
මේ සදහා භාවිතා කිරීමට නියමිත නව අයදුම් පත්‍රය පහතින් ලබා ගත හැක.

කොන්සියුලර් සේවා ගාස්තු

කොන්සියුලර් සේවා ගාස්තු