Sri Lanka, through its Ambassador in Washington Ravinatha Aryasinha, formally called on the US House Foreign Affairs Committee (FAC) not to proceed with H. RES. 413 on Sri Lanka moved by Congresswoman Deborah Ross (Democrat/North Carolina) on 18 May 2021.

In a communication addressed to FAC Chair Representative Gregory Meeks (Democrat/New York) and Ranking Member Representative Michael McCaul (Republican/Texas), the Sri Lanka Government said that it vehemently opposes the contents of the resolution which contains allegations relating to Sri Lanka that are inaccurate, biased and unsubstantiated, raising grave suspicion regarding the intention of the resolution.

The communication was accompanied by a detailed analysis of the resolution, which laid out paragraph by paragraph, its prejudicial nature.

It was observed that the proposed resolution which equates the LTTE – proscribed by the US since 1997 and named by the FBI in 2008 as “among the most dangerous and deadly extremists in the world” – to an ‘armed independence organization’, exposes the resolution’s origins and purpose. The Resolution encourages separatism and questions even the nature of the Sri Lanka State, by references to ‘Traditional Tamil Homelands’. This not only misrepresents established historical facts, and present-day realities, but also contributes to supporting the dismemberment of Sri Lanka, which is the ultimate goal of the LTTE and its supporters.

The resolution’s willful ignorance of the USA’s own security concerns about the LTTE and its front organizations and efforts at glorification of terrorism, will give inspiration to rump elements of the LTTE and its numerous front organizations within the US and across the world, as well as to other terrorist organizations.

Observing that the USA had been “a consistent defense partner of Sri Lanka, including in Sri Lanka’s war against terror”, the Sri Lanka Government said “the resolution which is at significant variance with stated U.S. policy, across Administrations – both Democratic and Republican, may lead to an erroneous conclusion that the House supports armed acts to achieve political goals. This would undermine the US Administration’s own foreign policy foundation of being rooted in democratic values, and negatively impact the warm bilateral relations between Sri Lanka and the USA”.

It was asserted that the Sri Lanka Government, having struggled for nearly 30 years to defeat LTTE terrorism, consistent with its constitutional duties to protect its citizens regardless of race, religion, language, caste, sex, political opinion or place of birth, launched a humanitarian operation to protect and liberate all Sri Lankans. The communication also outlined the measures taken by the Government since the defeat of terrorism in May 2009, to address the needs of 300,000 internally displaced who had been used as human shields by the retreating LTTE, to rebuild and develop infrastructure in the conflict affected areas and to restore livelihood opportunities to many, including to over 12,000 ex-LTTE combatants – also comprising 596 child soldiers, who were rehabilitated and reintegrated into the society.

It was recalled that following the ending of the conflict, the then government in 2013 conducted Northern Provincial Council elections, ensuring democratic freedoms and rights to the people of the North, and since 2017, all minority parties in Parliament, including the TNA and their allies, supported the deferral of elections. The Supreme Court ordered for a fresh legislation on this matter. For nearly 3 years, the HRC or Western countries having not taken issue with the delay of elections to Provincial Councils, including that of the Northern Province, however, presently have projected it as a major issue, at a time the current government has taken the initiative to conduct the election at the earliest possible.

The reports on Sri Lanka cited in the Resolution, including the OISL Report of 2015, constituted a mere subjective narrative of events including “desk-reviewed” information, which failed to reveal sources and were not verifiable. On the contrary, there was an abundance of verifiable evidence that has been ignored, contained in, inter alia, the Lessons Learnt Reconciliation Commission (LLRC), the ‘Paranagama Commission’, reports from the UN and international agencies including the UNDP, UNICEF and the ICRC, as well as information presented before the UK House of Lords by Lord Naseby challenging among other things the vastly exaggerated civilian casualty figures. Expert opinions including by international legal luminaries, as well as dispatches in real time by Colonel Anton Gash, Military Attaché of the British High Commission in Colombo and statements by Lt. Col. Lawrence Smith who had served as Defense Attaché of the US Embassy during the last phase of the conflict, also contested the narrative of the reports cited in the Resolution.

Having had Sri Lanka co-sponsor UN Resolution 30/1 in October 2015 and extracted a commitment that Sri Lanka will initiate an accountability mechanism which would include foreign judges and lawyers, which was unconstitutional, for 5 years neither the UN bodies nor the US and other proponents of this resolution, pressed the previous government to carry out its promises.

Calling for an “international mechanism” at this juncture is sinister, at a time the present Government has provided a credible transparent domestic process to address the concerns raised, by in January 2021 instituting a Presidential Commission of Inquiry (PCOI), which had on 4 March 2021 invited “any person, persons or organizations to submit written representations or information or any other material which relates to the above for the Commission to inquire”. The Commission has been conducting hearings since April and heard testimony from witnesses.

Foreign Ministry

Colombo

05 June 2021

……………………..

මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපද පාර්ලිමේන්තුව විදේශ කටයුතු කමිටුවෙන් ඉල්ලයි
කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය (උතුරු කැරොලිනා හි ඩිමොක්‍රටික් පාක්ෂික) විසින් 2021 මැයි 18 වැනි දින ගෙන එන ලද H. RES. 413 යෝජනාව සමඟ කටයුතු නොකරන ලෙස වොෂිංටන් හි සිටින සිය තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා හරහා ශ්‍රී ලංකාව, එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවෙන් (FAC) නිල වශයෙන් ඉල්ලා සිටියේය.

විදේශ කටයුතු කමිටුවේ සභාපති නියෝජිත මන්ත්‍රී ග්‍රෙගරි මීක්ස් (නිව්යෝර්ක් හි ඩිමොක්‍රටික් පාක්ෂික) සහ සම්මානනීය සාමාජික නියෝජිත මන්ත්‍රී මයිකල් මැක්කෝල් (ටෙක්සාස් හි රිපබ්ලිකන් පාක්ෂික) යන මහත්වරුන් වෙත යොමු කළ සන්නිවේදනයක් මඟින් ශ්‍රී ලංකා රජය, “යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැකයක් මතු කරන, ශ්‍රී ලංකාව සම්බන්ධ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ සනාථ නොකළ චෝදනා අඩංගු වන මෙම යෝජනාවේ අන්තර්ගතයට තදින්ම විරුද්ධ වන බව” ප්‍රකාශ කළේය.

මෙම සන්නිවේදනය සමඟ එකී යෝජනාව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කර ඇති අතර, එමඟින් ඡේදයෙන් ඡේදයට එහි අගතිගාමී ස්වභාවය පිළිබඳව විස්තර කොට ඇත.

1997 සිට එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද සහ 2008 දී එෆ්බීඅයි ආයතනය විසින් “ලෝකයේ වඩාත්ම භයානක හා මාරාන්තික අන්තවාදීන් අතරට” නම් කරන ලද එල්ටීටීඊය, මෙම යෝජිත යෝජනාව මඟින් “සන්නද්ධ විමුක්ති සංවිධානයකට” සමාන කිරීම තුළින් එහි මූලාරම්භය සහ අරමුණ හෙළිදරව් වන බව මෙහි දී සඳහන් විය. බෙදුම්වාදය දිරිගන්වන මෙම යෝජනාව ‘සාම්ප්‍රදායික දෙමළ නිජබිම්’ පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව පවා ප්‍රශ්න කරයි. මෙය ස්ථාපිත ඓතිහාසික කරුණු සහ වර්තමාන යථාර්ථයන් වැරදි ලෙස නිරූපණය කරනවා පමණක් නොව, එල්ටීටීඊයේ සහ එහි ආධාරකරුවන්ගේ අවසාන ඉලක්කය වන ශ්‍රී ලංකාව කොටස්වලට කැඩීමට සහාය වීම සඳහා ද දායක වේ.

එල්ටීටීඊය සහ එහි පෙරමුණු සංවිධාන සහ ත‍්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමේ ප්‍රයත්න සම්බන්ධයෙන්, ඇමරිකා එක්සත් ජනපදයෙහිම ආරක්‍ෂාව පිළිබඳව මෙම යෝජනාව මඟින් හිතාමතාම නොසලකා හැරීම, එල්ටීටීඊයේ සහ එක්සත් ජනපදය තුළ සහ ලොව පුරා සිටින බොහෝ පෙරටුගාමී සංවිධානවල කොටස්වලට මෙන්ම, වෙනත් ත්‍රස්ත සංවිධානවලට ද ආශ්වාදයක් ලබා දෙනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදය “ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඇතුළුව ශ්‍රී ලංකාවේ ස්ථාවර ආරක්ෂක හවුල්කරුවෙකු” බව සඳහන් කළ ශ්‍රී ලංකා රජය, “ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පාලනතන්ත්‍ර දෙකම හරහා ප්‍රකාශිත එක්සත් ජනපද ප්‍රතිපත්තියට සැලකිය යුතු ලෙස වෙනස් වන මෙම යෝජනාව මඟින්, එම සභාව දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සන්නද්ධ ක්‍රියාවන්ට සහාය දෙන බවට වැරදි නිගමනයකට තුඩු දිය හැකිය. මෙය එක්සත් ජනපද පරිපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවල මුල් බැස ගත් විදේශ ප්‍රතිපත්ති පදනම අනතුරේ හෙළන අතර, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින උණුසුම් ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඍණාත්මක ලෙස බලපානු ඇත.” යයි ද පැවසීය.

ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය නොසලකා සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යවස්ථාමය යුතුකම්වලට අනුකූලව එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අරගල කර ඇති ශ්‍රී ලංකා රජය, සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සහ නිදහස් කිරීම සඳහා වූ මෙහෙයුමක් දියත් කළ බව තරයේ ප්‍රකාශ කරන ලදී. 2009 මැයි මාසයේ දී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, පසුබැස යන එල්ටීටීඊය විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන ලද, අභ්‍යන්තරව අවතැන් වූ 300,000 ක ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම, පුනරුත්ථාපනය කර සමාජයට නැවත ඒකාබද්ධ කරන ලද ළමා සොල්දාදුවන් 596 දෙනෙකුගෙන් සමන්විත හිටපු එල්ටීටීඊ සටන්කාමීන් 12,000 කට වැඩි පිරිසකට ඇතුළු බොහෝ දෙනෙකුට ජීවනෝපාය අවස්ථා යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැංවීම සහ සංවර්ධනය කිරීම සඳහා ගන්නා ලද පියවර ද මෙම සන්නිවේදනයෙහි සංක්ෂිප ලෙස දැක්විණ.

ගැටුම අවසන් වීමෙන් පසුව, එවකට පැවති රජය උතුරේ ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ අයිතිවාසිකම් සහතික කරමින් 2013 දී උතුරු පළාත් සභා මැතිවරණයක් පැවැත්වූ අතර, 2017 වසරේ සිට මැතිවරණ කල්දැමීම සඳහා ටීඑන්ඒ සංවිධානය සහ එහි අනුගාමිකයන් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම සුළුතර පක්ෂ සහාය දුන් බව මෙහි දී සිහිපත් කෙරිණ. මෙම කරුණ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ, උතුරු පළාත ඇතුළු පළාත් සභා සඳහා මැතිවරණ ප්‍රමාද වීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය හෝ බටහිර රටවලට කිසිදු ගැටළුවක් නොතිබුණද, කෙසේ වෙතත් වර්තමානයේ දී, හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීම සඳහා වර්තමාන රජය විසින් පියවර ගෙන ඇති අවස්ථාවක දී, එය ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ප්‍රක්ෂේපනය කොට තිබේ.

2015 දී ඉදිරිපත් කළ OISL වාර්තාව ඇතුළුව, යෝජනාවේ දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා “මේසය මත සමාලෝචනය කරන ලද” තොරතුරු ඇතුළු සිදුවීම් පිළිබඳ හුදු විෂයාත්මක ආඛ්‍යානයක් වන අතර, එහි තොරතුරු ප්‍රභවයන් පිළිබඳව හෙළි කිරීමට මෙම ලියකියවිලි අපොහොසත් වී ඇති අතර, ඒවා සත්‍යාපනය කළ නොහැකි වී ඇත. ඊට පටහැනිව, අනෙකුත් කරුණු අතර,අතිශයෝක්තියට නැංවූ සිවිල් වැසියන්ගේ හානි පිළිබඳ සංඛ්‍යා ලේඛනවලට අභියෝග කරන උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC), ‘පරණගම කොමිසම’, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, යුනිසෙෆ් සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුව ඇතුළු ජාත්‍යන්තර නියෝජිතායතනවලින් ලද වාර්තා මෙන්ම නේස්බි සාමිවරයා විසින් එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු ද ඇතුළු සත්‍යාපනය කළ හැකි සාක්ෂි රාශියක් නොසලකා හැර තිබේ. අන්තර්ජාතික නෛතික ප්‍රවීණයන් ඇතුළු විශේෂඥයින්ගේ අදහස් මෙන්ම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හමුදා සහායක කර්නල් ඇන්ටන් ගාෂ් මහතා සහ ගැටුමේ අවසාන අදියරේ දී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලෙස සේවය කළ ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් මහතාගේ ප්‍රකාශ ද මෙම ආඛ්‍යානයේ දක්වා ඇති වාර්තා අභියෝගයට ලක් කරයි.

2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාව සඳහා සම අනුග්‍රාහක ලබාගෙන තිබීම සහ ව්‍යවස්ථා විරෝධී ලෙස විදේශීය විනිසුරුවන් සහ නීතීඥයින් ඇතුළත් වගවීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරනු ඇති බවට වූ කැපවීම උපුටා දක්වමින්, වසර 5 ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධාන හෝ එක්සත් ජනපදය සහ මෙම යෝජනාවේ අනෙකුත් යෝජකයින් විසින් එම පොරොන්දු ඉටු කරන ලෙස පසුගිය රජයට බල කළේ නැත.

2021 ජනවාරි වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් (PCOI) පිහිටුවීම මෙන්ම, 2021 මාර්තු 4 වන දින “කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලැබීම සඳහා ලිඛිත නිරූපණයන් හෝ තොරතුරු හෝ ඉහත සඳහන් වෙනත් කරුණු ඉදිරිපත් කරන ලෙස ඕනෑම පුද්ගලයෙකුට, පුද්ගලයන්ට හෝ සංවිධානයකට” ආරාධනා කිරීම මඟින්, මතු කරන ලද ගැටළු විසඳීම සඳහා වර්තමාන රජය විසින් විශ්වසනීය විනිවිද පෙනෙන දේශීය ක්‍රියාවලියක් ලබා දී ඇති මේ අවස්ථාවේ දී, “ජාත්‍යන්තර යාන්ත්‍රණයක්” ඉල්ලා සිටීම අප්‍රසන්න ක්‍රියාවකි. මෙම කොමිෂන් සභාව අපේ‍්‍රල් මාසයේ සිට නඩු විභාග පවත්වා ඇති අතර, සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසා ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 05 වැනි දින

……………………………….

ஊடக வெளியீடு

இலங்கை தொடர்பான தீர்மானத்தை தொடர வேண்டாம் என அமெரிக்க சபையின் வெளிநாட்டு உறவுகள் குழுவிடம் இலங்கை கோரிக்கை

காங்கிரஸின் பெண் உறுப்பினரான டெபொரா ரோஸ் (ஜனநாயகக் கட்சி / வட கரோலினா) அவர்களால் 2021 மே 18ஆந் திகதி கொண்டு வரப்பட்ட இலங்கை தொடர்பான எச். ஆர்.இ.எஸ். 413 என்ற தீர்மானத்தை தொடர வேண்டாம் என அமெரிக்க சபையின் வெளிநாட்டு உறவுகள் குழுவிடம் வொஷிங்டனில் உள்ள இலங்கைத் தூதுவர் ரவிநாத ஆரியசிங்க அவர்களினூடாக இலங்கை கோரிக்கை விடுத்துள்ளது.

அமெரிக்க சபையின் வெளிநாட்டு உறவுகள் குழுத் தலைவரான பிரதிநிதி கிரெகரி மீக்ஸ் (ஜனநாயகக் கட்சி / நியூயோர்க்) மற்றும் தரவரிசை உறுப்பினரான பிரதிநிதி மைக்கேல் மெக்கவுல் (குடியரசுக் கட்சி / டெக்சாஸ்) ஆகியோருக்கு அனுப்பி வைக்கப்பட்ட தொடர்பாடலில், தவறான, பக்கச்சார்பான மற்றும் ஆதாரமற்ற வகையில் இலங்கை மீதான குற்றச்சாட்டுக்களைக் கொண்டுள்ளதும், தீர்மானத்தின் நோக்கம் குறித்து கடுமையான சந்தேகத்தை எழுப்புவதுமான இந்தத் தீர்மானத்தின் உள்ளடக்கங்களை இலங்கை கடுமையாக எதிர்க்கின்றது’ என இலங்கை அரசாங்கம் குறிப்பிட்டுள்ளது.

தீர்மானத்தின் பாரபட்சமற்ற தன்மையை ஒவ்வொரு பந்தியிலும் விரிவாக பகுப்பாய்வு செய்யும் வகையில் இந்தத் தொடர்பாடல் அமைந்திருந்தது.

1997ஆம் ஆண்டு முதல் அமெரிக்காவால் தடைசெய்யப்பட்ட மற்றும் 2008ஆம் ஆண்டு முதல் எஃப்.பி.ஐ யால் ‘உலகின் மிக ஆபத்தான மற்றும் கொடிய தீவிரவாதிகளின் மத்தியிலான’ ஒரு ‘சுதந்திர ஆயுத அமைப்பாக’ பெயரிடப்பட்டுள்ள தமிழீழ விடுதலைப் புலிகளை சமப்படுத்தும் வகையில் முன்மொழியப்பட்டுள்ள இந்தத் தீர்மானமானது, அதன் தோற்றம் மற்றும் நோக்கத்தை அம்பலப்படுத்துவதாக அவதானிக்கப்பட்டுள்ளது. இந்தத் தீர்மானமானது, ‘பாரம்பரிய தமிழ் தாயகங்கள்’ பற்றிய குறிப்புக்களின் மூலமாக, பிரிவினைவாதத்தை ஊக்குவிக்கும் அதே வேளை, இலங்கையின் அரசுக்கான தன்மையையும் கூட கேள்விக்குள்ளாக்குகின்றது. இது நிறுவப்பட்ட வரலாற்று உண்மைகளையும், இன்றைய யதார்த்தங்களையும் தவறாக சித்தரிப்பதுடன் மட்டுமல்லாமல், தமிழீழ விடுதலைப் புலிகள் அமைப்பு மற்றும் அதன் ஆதரவாளர்களின் இறுதி இலக்கான இலங்கையை சிதைக்கும் நோக்கத்தை ஆதரிப்பதற்கும் பங்களிப்புச் செய்கின்றது.

தமிழீழ விடுதலைப் புலிகள் மற்றும் அதன் முன்னணி அமைப்புக்கள் மற்றும் பயங்கரவாதத்தை மகிமைப்படுத்துவதற்கான முயற்சிகள் பற்றிய அமெரிக்காவின் சொந்த பாதுகாப்புக் கவலைகள் பற்றிய தீர்மானத்தின் அறியாமையானது, தமிழீழ விடுதலைப் புலிகள் மற்றும் அமெரிக்காவிலும், உலகெங்கிலும் உள்ள அதன் பல முன்னணி அமைப்புக்களின் கூர்மையான கூறுகளுக்கு உத்வேகம் அளிக்கும்.

‘பயங்கரவாதத்திற்கு எதிரான யுத்தம் உட்பட இலங்கையின் நிலையானதொரு பாதுகாப்புப் பங்காளியாக’ அமெரிக்கா விளங்குவதாகத் தெரிவித்துள்ள இலங்கை அரசாங்கம், ‘ஜனநாயக மற்றும் குடியரசுக் கட்சியின் நிர்வாகங்கள் முழுவதும், குறித்த ஐக்கிய அமெரிக்கக் கொள்கைக்கு மாறுபட்டதாக உள்ள இந்தத் தீர்மானம், அரசியல் இலக்குகளை அடைந்து கொள்வதற்காக ஆயுதமேந்திய செயல்களை சபை ஆதரிக்கின்றது என்ற தவறான முடிவுக்கு வழிவகுக்கும். இது ஜனநாயக விழுமியங்களில் வேரூன்றியிருக்கும் அமெரிக்க நிர்வாகத்தின் சொந்த வெளியுறவுக் கொள்கையின் அடித்தளத்தை குறைமதிப்பிற்கு உட்படுத்தும் அதே வேளை, இலங்கைக்கும் அமெரிக்காவிற்கும் இடையிலான இருதரப்பு உறவுகளை எதிர்மறையாகப் பாதிக்கும்’ எனக் குறிப்பிடப்பட்டுள்ளது.

தமிழீழ விடுதலைப் புலிகளின் பயங்கரவாதத்தைத் தோற்கடிப்பதற்காக கிட்டத்தட்ட 30 ஆண்டுகளாக போராடிய இலங்கை அரசாங்கம், அனைத்து இலங்கையர்களையும் பாதுகாத்து, விடுவிப்பதற்காக இனம், மதம், மொழி, சாதி, பாலினம், அரசியல் கருத்து அல்லது பிறந்த இடம் ஆகியவற்றைப் பொருட்படுத்தாமல் தனது பிரஜைகளைப் பாதுகாப்பதற்கான அரசியலமைப்பு சார்ந்த கடமைகளுடன் ஒத்துப்போகின்றது என வலியுறுத்தப்பட்டுள்ளது. மே 2009 இல் பயங்கரவாதம் தோற்கடிக்கப்பட்டதிலிருந்து அரசாங்கம் மேற்கொண்ட நடவடிக்கைகளையும், மோதலில் பாதிக்கப்பட்ட பகுதிகளில் உட்கட்டமைப்பை மீண்டும் கட்டியெழுப்பி, அபிவிருத்தி செய்யவும், தமிழீழ விடுதலைப் புலிகளினால் மனிதக் கேடயங்களாகப் பயன்படுத்தப்பட்ட உள்நாட்டில் இடம்பெயர்ந்த 300,000 பேரின் தேவைகளைப் பூர்த்தி செய்வதற்காகவும், மறுவாழ்வு அளிக்கப்பட்டு, சமூகத்தில் மீண்டும் ஒருங்கிணைக்கப்பட்ட 596 சிறுவர் படையினரைக் கொண்ட 12,000 க்கும் மேற்பட்ட முன்னாள் தமிழீழ விடுதலைப் புலிகள் இயக்கத்தின் போராளிகள் உட்பட பலருக்கு வழங்கப்பட்ட வாழ்வாதார வாய்ப்புக்களையும் இந்தத் தொடர்பாடல் கோடிட்டுக் காட்டியது.

மோதல் முடிவடைந்ததைத் தொடர்ந்து, வடக்கு மக்களின் உரிமைகளையும், ஜனநாயக சுதந்திரங்களையும் உறுதி செய்வதற்காக, 2013ஆம் ஆண்டில் வட மாகாண சபைத் தேர்தல் நடாத்தப்பட்டதாக நினைவு கூரப்பட்டுள்ளது. 2017 முதல், ஒருபோதும் நிறைவேற்றப்படாத மாகாண சபைத் தேர்தல்களை நடாத்துவதற்கு முன்னர் தேர்தல் சீர்திருத்தத்தைத் தேவைப்படுத்தும் ஒரு தீர்ப்பின் மூலம், தமிழ்த் தேசியக் கூட்டமைப்பு உட்பட நாடாளுமன்றத்தில் உள்ள அனைத்து சிறுபான்மைக் கட்சிகளும் தேர்தல்களை ஒத்திவைப்பதை ஆதரித்தன. ஏறக்குறைய 3 ஆண்டுகளாக, மனித உரிமைகள் சபை அல்லது மேற்கத்தேய நாடுகள், வட மாகாணம் உட்பட மாகாண சபைகளின் தேர்தல்கள் தாமதமடைவது குறித்த பிரச்சினையை எடுத்துக்கொள்ளவில்லை. எவ்வாறாயினும், தற்போதைய அரசாங்கம் இந்த விடயத்தில் பரிந்துரைகளை வழங்குவதற்காக பாராளுமன்றக் குழுவை நியமிப்பதற்கான முன்முயற்சியை எடுத்து வரும் ஒரு நேரத்தில், இது ஒரு முக்கிய பிரச்சினையாக முன்வைக்கப்பட்டுள்ளது.

2015 ஆம் ஆண்டின் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் புலனாய்வு ஆணையாளர் அலுவலகத்தின் இலங்கை தொடர்பான அறிக்கை உட்பட இந்தத் தீர்மானத்தில் மேற்கோள் காட்டப்பட்ட இலங்கை பற்றிய அறிக்கைகள், ‘மேசையளவில் மதிப்பாய்வு செய்யப்பட்ட’ தகவல்கள், நிகழ்வுகள் பற்றிய வெறும் வெளிப்படை நிலையான விவரிப்பாகவே அமைவதுடன், இந்த ஆவணங்கள் ஆதாரங்களை வெளிப்படுத்தத் தவறிவிட்டன. மாறாக, ஏனையவற்றுக்கு இடையில், கற்றுக்கொண்ட பாடங்கள் மற்றும் நல்லிணக்க ஆணைக்குழு, ‘பரணகம ஆணைக்குழு’, ஐ.நா. மற்றும் யு.என்.டி.பி, யுனிசெப் மற்றும் ஐ.சி.ஆர்.சி. உள்ளிட்ட சர்வதேச நிறுவனங்களின் அறிக்கைகள், மற்றும் பிரித்தானிய பிரபுக்கள் சபையின் பிரபு நேஸ்பி வழங்கிய தகவல்கள் ஆகிய சரிபார்க்கப்பட்ட பல சான்றுகள் புறக்கணிக்கப்பட்டுள்ளன. சர்வதேச சட்டவியலாளர்கள் உள்ளிட்ட நிபுணர்களின் கருத்துக்கள், மற்றும் யுத்தத்தின் இறுதிக் கட்டத்தில் அனுப்பப்பி வைக்கப்பட்ட கொழும்பில் உள்ள பிரித்தானிய உயர் ஸ்தானிகராலயத்தின் இராணுவ இணைப்பாளரான கேர்னல் அன்டன் காஷ் மற்றும் ஐக்கிய அமெரிக்கத் தூதரகத்தின் பாதுகாப்பு இணைப்பாளரான லெப்டினன்ட் கேர்னல் லோரன்ஸ் ஸ்மித் ஆகியோரின் அறிக்கைகள் இந்த விவரிப்புக்கு சவால் விடுக்கின்றன.

அக்டோபர் 2015 இல் ஐ.நா. தீர்மானம் 30/1 இற்கு இலங்கை இணை அனுசரணை வழங்கி, அரசியலமைப்பிற்கு முரணான வகையிலான வெளிநாட்டு நீதிபதிகள் மற்றும் சட்டத்தரணிகளை உள்ளடக்கிய ஒரு பொறுப்புக்கூறல் பொறிமுறையை இலங்கை ஆரம்பிக்கும் என்ற உறுதிப்பாட்டை முந்தைய அரசாங்கம் வழங்கியிருந்த போதும், 5 ஆண்டுகளாக ஐ.நா. மற்றும் அமெரிக்கா மற்றும் இந்தத் தீர்மானத்தின் ஏனைய ஆதரவாளர்கள் அந்த வாக்குறுதிகளை முந்தைய அரசாங்கம் நிறைவேற்றுவதற்கான அழுத்தத்தை எந்த வகையிலும் கொடுக்கவில்லை.

எழுப்பப்பட்டுள்ள விடயங்களை நிவர்த்தி செய்வதற்காக தற்போதைய அரசாங்கம் நம்பகமான, வெளிப்படையான உள்நாட்டு செயன்முறையை வழங்கும் வகையில், ஜனவரி 2021 இல் ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவை நிறுவி, அதன் மூலம் 2021 மார்ச் 04ஆந் திகதி ‘விசாரணை செய்வதற்காக எழுதப்பட்ட பிரதிநிதித்துவங்கள் அல்லது தகவல்கள் அல்லது மேற்கூறியவற்றுடன் தொடர்புடைய வேறு எந்தவொரு பொருளையும் சமர்ப்பிப்பதற்கு எந்தவொரு நபர், நபர்கள் அல்லது அமைப்புக்களும் ஆணைக்குழுவிற்கு வருகை தருவதற்காக அழைப்பு விடுக்கப்பட் டுள்ள’ இந்த நேரத்தில் ஒரு ‘சர்வதேசப் பொறிமுறையை’ கோருவது மிகவும் மோசமானது. ஆணைக்குழு ஏப்ரல் முதல் விசாரணைகளை நடாத்தி வருவதுடன், சாட்சிகளிடமிருந்து சாட்சியங்களைப் பெற்றுக் கொண்டுள்ளது.

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

2021 ஜூன் 05