Chargé d’affaires of the United Arab Emirates to Sri Lanka called on Foreign Minister Prof. G.L. Peiris on 26 November 2021.

In his opening remarks, the Chargé d’affaires extended greetings from the Minister of Foreign Affairs and International Cooperation of the United Arab Emirates Sheikh Abdullah bin Zayed bin Al Nahyan and expressed the UAE government’s willingness to enhance bilateral trade and economic relations with the government of Sri Lanka. Further, he also recalled the recent bilateral meeting held between Foreign Minister G.L Peiris with the Minister of Industry and Advanced Technology Dr. Sultan Al Jaber, at the sidelines of the 76 Session of the UNGA, New York.

Responding to the remarks made by the Chargé d’affaires, Foreign Minister Peiris expressed that the Government of Sri Lanka and the UAE has witnessed extremely cordial relations, and during his tenure he is looking forward to further strengthening Sri Lanka’s relations with the UAE. Minister Peiris also noted with appreciation, the support extended by the United Arab Emirates to Sri Lanka in the Regional and Multilateral Fora.

Foreign Minister G.L Peiris emphasized the importance of cooperation among the member countries of the Indian Ocean Rim Association (IORA), where Sri Lanka took over as the Vice-Chair during the 21st Council of Ministers Meeting held at Dhaka, Bangladesh, and commended the role played by UAE as former Vice-Chair for the progress of the Association.

He also stated that he is looking forward to further discussing and deliberating on these issues during his participation at the 5th Indian Ocean Conference – IOC scheduled to be held in December 2021 in Abu Dhabi, UAE which will be Chaired by the President of Sri Lanka Gotabaya Rajapaksa under the theme “Ecology, Economy, and Epidemic”.

Foreign Ministry

Colombo

28 November, 2021

 

………………………………………

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරීවරයා 2021 නොවැම්බර් 26 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

සිය ආරම්භක දේශනය සිදු කළ කාර්ය භාර නිලධාරීවරයා, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයෙඩ් බින් අල් නහ්යාන් මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කළේ ය. තවද, නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයට සමගාමීව, කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා අතර මෑතක දී පවත්වනු ලැබූ ද්විපාර්ශ්වික හමුව පිළිබඳව ද එතුමා සිහිපත් කළේ ය.

කාර්ය භාර නිලධාරීවරයාට ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා රජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති සුහද සබඳතා තීව්‍ර වී ඇති බවත්, තම ධුර කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේ ය. කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ද අමාත්‍ය පීරිස් මැතිතුමා අගය කළේ ය.

ශ්‍රී ලංකාවට උප සභාපතිත්වය හිමි වූ බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළත් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා, මින් පෙර එහි උප සභාපතිත්වය දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංගමයේ ප්‍රගතිය උදෙසා ඉටු කරන ලද භූමිකාව අගය කළේ ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “පරිසරය, ආර්ථිකය සහ වසංගතය” යන තේමාව යටතේ 2021 දෙසැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත 5 වැනි ඉන්දියානු සාගර සමුළුව (IOC) අතරතුර දී මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට සහ අවධානය යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 නොවැම්බර් 28වැනි දින

………………………………………

ஊடக வெளியீடு

 ஐக்கிய அரபு இராச்சியத்தின் இலங்கைக்கான தூதரகப் பொறுப்பாளர் இப்ராஹிம் அலி இப்ராஹிம் அல் கெர்காவி இலங்கையின் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல்பீரிஸூடன் சந்திப்பு

ஐக்கிய அரபு இராச்சியத்தின் இலங்கைக்கான தூதரகப் பொறுப்பாளர் 2021 நவம்பர் 26ஆந் திகதி வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸை சந்தித்தார்.

தனது தொடக்க உரையில், ஐக்கிய அரபு இராச்சியத்தின் வெளியுறவு மற்றும் சர்வதேச ஒத்துழைப்பு அமைச்சர் ஷேக் அப்துல்லா பின் சயீத் பின் அல் நஹ்யான் வாழ்த்துக்களைத் தெரிவித்த தூதரகப் பொறுப்பாளர், இலங்கை அரசாங்கத்துடன் இருதரப்பு வர்த்தகம் மற்றும் பொருளாதார உறவுகளை மேம்படுத்துவதற்கான ஐக்கிய அரபு இராச்சிய அரசாங்கத்தின் விருப்பத்தை வெளிப்படுத்தினார். மேலும், நியூயோர்க்கில் நடைபெற்ற ஐ.நா. பொதுச் சபையின் 76ஆவது கூட்டத் தொடரில், கைத்தொழில் மற்றும் மேம்பட்ட தொழில்நுட்ப அமைச்சர் கலாநிதி சுல்தான் அல் ஜாபர் மற்றும் வெளிநாட்டு அமைச்சர் ஜி.எல். பீரிஸுக்கு இடையில் அண்மையில் நடைபெற்ற இருதரப்பு சந்திப்பையும் அவர் நினைவு கூர்ந்தார்.

தூதரகப் பொறுப்பாளரின் கருத்துக்களுக்கு பதிலளித்த வெளிநாட்டு அமைச்சர் பீரிஸ், இலங்கை அரசாங்கமும் ஐக்கிய அரபு இராச்சியமும் நல்லுறவுகளைக் கொண்டுள்ளதாகவும், தனது பதவிக்காலத்தில் ஐக்கிய அரபு இராச்சியத்துடனான இலங்கையின் உறவுகளை மேலும் வலுப்படுத்த எதிர்பார்த்துள்ளதாகவும் தெரிவித்தார். பிராந்திய மற்றும் பல்தரப்பு மன்றங்களில் ஐக்கிய அரபு இராச்சியம் இலங்கைக்கு நல்கிய ஆதரவையும் அமைச்சர் பீரிஸ் பாராட்டினார்.

பங்களாதேஷின் டாக்காவில் நடைபெற்ற 21வது அமைச்சர்கள் சபைக் கூட்டத்தின் போது இலங்கை துணைத் தலைவராகப் பொறுப்பேற்ற இந்து சமுத்திர விளிம்பு சங்கத்தின் உறுப்பு நாடுகளுக்கு இடையிலான ஒத்துழைப்பின் முக்கியத்துவத்தை வலியுறுத்திய வெளிநாட்டு அமைச்சர் ஜி.எல். பீரிஸ், சங்கத்தின் முன்னேற்றத்திற்காக ஐக்கிய அரபு இராச்சியம் முன்னாள் துணைத் தலைவராக ஆற்றிய பங்கைப் பாராட்டினார்.

2021 டிசம்பரில் ஐக்கிய அரபு இராச்சியத்தின் அபுதாபியில் இலங்கை ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தலைமையில் ‘சூழலியல், பொருளாதாரம் மற்றும் தொற்றுநோய்’ என்ற கருப்பொருளின் கீழ் நடைபெறவுள்ள 5ஆவது இந்து சமுத்திர மாநாட்டில் கலந்துகொள்ளும் போது, இந்த விடயங்கள் குறித்து மேலும் கலந்துரையாடுவதற்கு எதிர்பார்த்துள்ளதாகவும் அவர் மேலும் குறிப்பிட்டார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

 

2021 நவம்பர் 28