To mark the annual “Orange the World: 16 Days of Activism against Gender-Based Violence” international campaign, the Ambassador of the Kingdom of the Netherlands to Colombo Tanja Gonggrijp handed over the “Orange the World” banner to Foreign Minister Prof. G. L. Peiris at the Foreign Ministry on 26 November, 2021.

Accepting the banner, Minister Prof. G.L Peiris reiterated Sri Lanka’s commitment to combat Gender-Based Violence and briefed on initiatives taken by the Government of Sri Lanka in this area. He recognized that prevention and addressing sexual violence is an integral part of achieving Sustainable Goal 5 on Achieving Gender Equality and Empowering All Women and Girls. He remarked that the government’s national policy framework Vistas of Prosperity and Splendour has given priority to gender equality, empowerment of women and minimization of gender-based violence.

The “Orange the World: 16 Days of Activism against Gender-Based Violence” international campaign was initiated in 1991. Every year the event commences on November 25, the International Day for the Elimination of Violence against Women and ends on December 10, Human Rights Day.  The colour orange is meant to represent a brighter future and a world free from violence against women and girls.

According to the United Nations, globally, an estimated 736 million women—almost one in three—have been subjected to intimate partner violence, non-partner sexual violence, or both at least once in their lifetime. The COVID-19 pandemic has exacerbated the risk factors of violence against women.

State Minister of Women and Child Development Piyal Nishantha de Silva (M.P.) and Secretary to the State Ministry Kumari Jayasekara were also associated with the event.

Foreign Ministry

Colombo

27 November, 2021

 

 

……………………………………………………..

මාධ්‍ය නිවේදනය

නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

වාර්ෂිකව පවත්වනු ලබන ‘Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16’ නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහා, කොළඹ පිහිටි තානාපති කාර්යාලය කේන්ද්‍ර කොට ගත් නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටන්‍යා ගොන්ග්රිප් මැතිනිය විසින් ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා වෙත 2021 නොවැම්බර් 26 වන දින විදේශ අමාත්‍යංශයේ දී පිළිගන්වන ලදී.

බැනරය භාර ගත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද විස්තර කළේ ය. ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමුන් සවිබල ගැන්වීම’ නමැති 05 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ලිංගික හිංසනය වැළැක්වීම සහ ඊට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වන අනිවාර්ය අංගයක් බව ඔහු හඳුනා ගත්තේය. රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම යනාදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව එතුමා නැවත සඳහන් කළේ ය.

‘Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16’ නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය, 1991 වසරේ දී ආරම්භ කරන ලදී. සෑම වසරකම නොවැම්බර් 25 වැනි දිනට යෙදෙන ‘කාන්තා ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය’ සමඟින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන, දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන ‘මානව හිමිකම් දිනය’ සමඟින් අවසන් වේ. තැඹිලි වර්ණය මගින් දීප්තිමත් අනාගතයක් මෙන්ම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා  හිංසනයෙන් තොර ලොවක් තැනීම යනාදිය නිරූපණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගෝලීය වශයෙන්, එනම් ඇස්තමේන්තුගත කාන්තාවන් මිලියන 736 න් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු සිය සමීප සහකරු, සමීප සහකරු නොවන අයෙකු හෝ මෙම දෙපාර්ශ්වයම මගින් සිය ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.  කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයේ අවදානම උග්‍ර වී ඇත.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා (පා.ම) මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය.

විදේශ අමාත්‍යංශය

කොළඔ

2021 නොවැම්බර් 27 වැනි දින

……………………………………………..

ஊடக வெளியீடு

 நெதர்லாந்து தூதுவர் ‘ஆரஞ்சு உலக‘ பதாகையை வெளிநாட்டு அமைச்சருக்கு கையளிப்பு

வருடாந்த ‘ஆரஞ்சு உலகம்: பாலின அடிப்படையிலான வன்முறைக்கு எதிரான செயற்பாட்டின் 16 நாட்கள்’ சர்வதேசப் பிரச்சாரத்தைக்  குறிக்கும் வகையில், கொழும்பில் உள்ள நெதர்லாந்து இராச்சியத்தின் தூதுவர் தஞ்சா கோங்கிரிஜ் ‘ஆரஞ்சு உலக’ பதாகையை வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸிடம் 2021 நவம்பர் 26ஆந் திகதி வெளிநாட்டு அமைச்சில் வைத்து கையளித்தார்.

பதாகையை ஏற்றுக்கொண்ட பேராசிரியர் ஜீ.எல். பீரிஸ், பாலின அடிப்படையிலான வன்முறைகளை எதிர்த்துப் போராடுவதற்கான  இலங்கையின் உறுதிப்பாட்டை மீண்டும் வலியுறுத்தியதுடன், இந்தப் பகுதியில் இலங்கை அரசாங்கம் முன்னெடுத்துள்ள முயற்சிகள் குறித்து விளக்கினார். பாலின சமத்துவத்தை அடைவதற்கும், அனைத்து மகளிர் மற்றும் பெண்களுக்கு அதிகாரமளிப்பதற்குமான நிலையான இலக்கை அடைவதில் பாலின வன்முறையைத் தடுப்பதும், நிவர்த்தி செய்வதும் ஒரு ஒருங்கிணைந்த பகுதியாகும் என்பதை அவர் அங்கீகரித்தார். அரசாங்கத்தின் தேசியக் கொள்கைக் கட்டமைப்பான ‘நாட்டைக் கட்டியெழுப்பும் செழிப்பான பார்வை’ பாலின சமத்துவம், பெண்களுக்கு அதிகாரமளித்தல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறையைக் குறைத்தல் ஆகியவற்றுக்கு முன்னுரிமை அளித்துள்ளதாக அவர் குறிப்பிட்டார்.

‘ஆரஞ்சு உலகம்: பாலின அடிப்படையிலான வன்முறைக்கு எதிரான செயற்பாட்டின் 16 நாட்கள்’ செயற்பாட்டின் சர்வதேசப் பிரச்சாரம் 1991 இல் தொடங்கப்பட்டது. ஒவ்வொரு ஆண்டும் இந்நிகழ்வு பெண்களுக்கு எதிரான வன்முறைகளை ஒழிப்பதற்கான சர்வதேச தினமான  நவம்பர் 25ஆந் திகதி தொடங்கி மனித உரிமைகள் தினமான டிசம்பர் 10ஆந் திகதி முடிவடைகின்றது. ஆரஞ்சு நிறம் பிரகாசமான எதிர்காலத்தையும், பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான வன்முறை இல்லாத உலகத்தையும் பிரதிநிதித்துவப்படுத்துவதாகும்.

ஐக்கிய நாடுகள் சபையின் கூற்றுப்படி, உலகளவில் 736 மில்லியன் பெண்கள், கிட்டத்தட்ட மூன்றில் ஒருவர் நெருங்கிய கூட்டாளியால்  வன்முறை, கூட்டாளி அல்லாதவரால் பாலியல் வன்முறை அல்லது இருவராலுமான வன்முறைக்கு தமது வாழ்நாளில் ஒரு முறையாவது உட்படுத்தப்படுகின்றனர். கோவிட்-19 தொற்றுநோய் பெண்களுக்கு எதிரான வன்முறைக்கான ஆபத்துக் காரணிகளை அதிகப்படுத்தியுள்ளது.

பெண்கள் மற்றும் சிறுவர்கள் அபிவிருத்தி இராஜாங்க அமைச்சர் பியல் நிஷாந்த டி சில்வா (பாராளுமன்ற உறுப்பினர்) மற்றும் இராஜாங்க அமைச்சின் செயலாளர் குமாரி ஜயசேகர ஆகியோரும் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 நவம்பர் 27