Mr. President,

Sri Lanka is an active participant in the multilateral framework to realize the promotion and protection of human rights.

Fundamental rights are embodied in our Constitution, progressively advanced through our democratically elected organs of government and enforced through our independent judiciary. Despite multiple challenges we have faced from terrorism, we have restored peace, security and the rule of law throughout the country. Our democratic traditions and independent institutions ensure free and fair elections at regular intervals through universal adult franchise. We will further advance the considerable progress we have made in post-conflict recovery and healing. For this, we have put in place domestic institutions for reconciliation, accountability and social justice.

Through this Council, we have completed 3 mutually beneficial Universal Periodic Reviews, engaged in constructive dialogue with the Treaty Bodies, welcomed Special Procedures Mandate Holders, and held frank and open discussions with domestic and international interlocutors.  We have benefitted from the considerable expertise available with the UN on human rights including through its technical cooperation and capacity building programs.  Through the UN country team, we value the ongoing support to our domestic processes on reconciliation and achievement of SDGs.

Through this cooperative interaction, and in line with our domestic framework and international obligations, we continue to ensure the promotion and protection of human rights and social justice for all our citizens, irrespective of ethnic and religious identity and political affiliation.

Mr. President,

Despite the economic setbacks due to the Covid 19 pandemic, we continue to ensure our people’s right to development. Sri Lanka has improved its global rank by 7 positions according to the latest SDG Report. We appreciate the contribution made by our civil society partners, through their extensive grass-roots level outreach and expertise.

As a developing Member State of the international community, we brace ourselves to face the further adverse economic consequences of crises, such as the pandemic and the unravelling conflict in Europe, which will impact on our efforts to achieve the SDGs.

Mr. President,

We are today in a period of review of the work of the Council. We reflect on whether the Council has been successful in overcoming the credibility gap that led to the downfall of its predecessor Commission.

The multilateral architecture for the implementation of human rights was progressively developed in the last decades. Consensus was forged on key principles which we consider sacrosanct, such as that the promotion and protection of human rights should be guided by the principles of impartiality, objectivity and non-selectivity, based on the sovereign equality of Member States. UNGA resolution 60/251 and HRC resolutions 5/1 and 5/2 also decided that the working methods of the Council shall be transparent, fair and impartial, and shall enable genuine dialogue.

In March 2021, the Council voted on Resolution 46/1 which was tabled without the consent of Sri Lanka as the country concerned. The consideration of this matter polarized and politicized this forum. In a startling departure from the mandate which the UN General Assembly originally conferred on this Council, operative paragraph 6 of this resolution refers to a so-called evidence-gathering mechanism, a measure that was strongly opposed by a number of countries. Such initiatives create disharmony both in the domestic and international arenas.  It creates obstacles to reconciliation efforts, breeds hatred by reopening past wounds, and polarizes society.

Mr. President,

Member States have mandated this Council and its Secretariat with a truly extensive array of helpful working methods to assist Governments in the promotion and protection of human rights. Sri Lanka has participated actively and constructively in those aspects of the Council’s work that have been productive and beneficial, and which have helped to ensure that our people live safer, longer, and more dignified lives. We reject those that are punitive, politicized, divisive, unhelpful and initiated due to extraneous reasons.

Mr. President,

As elsewhere in the world, we endeavor to strike a just balance between human rights and national security when dealing with terrorism. Sri Lanka is convinced that counter-terrorism legislation must secure and protect the rights of persons subject to investigation detention and trial, and must not restrict democratic freedoms such as the freedom of expression. With these objectives in view, I recently presented a Bill in the Parliament of Sri Lanka which is an initial step in amending the Prevention of Terrorism Act, 43 years after it was promulgated.

We take particular objection to the use of voluntary funding which has the necessary consequence of undermining objectivity and detachment. Against this background, Sri Lanka once again reiterates its view that the evidence gathering mechanism established under OP 6 of resolution 46/1 is unhelpful to the people of Sri Lanka, will polarize Sri Lankan society, and adversely affect economic development, peace and harmony at a challenging time. It is an unproductive drain on Member State resources, at a time of severe financial shortfalls across the entire multilateral system including the High Commissioner’s Office.

Mr. President,

On the 4th of March the Council will meet in an interactive dialogue on Sri Lanka. I look forward to sharing with you some thoughts on the written update on Sri Lanka.

Thank you.



මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින්

සිදුකළ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රකාශය


ශ්‍රී ලංකාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී කොටස්කරුවෙකි.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූර්තිමත් කොට ඇති මූලික අයිතිවාසිකම්, අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයන් හරහා ක්‍රමානුකූලව ඉදිරියට යන අතර, අපගේ ස්වාධීන අධිකරණය හරහා බලාත්මක වේ. ත්‍රස්තවාදය හේතුවෙන් අප මුහුණ දුන් විවිධ අභියෝග මධ්‍යයේ වුවද, අප රට පුරා සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කොට ඇත. අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ස්වාධීන ආයතන මඟින්, විශ්වීය වැඩිහිටි ඡන්ද බලය හරහා විධිමත් කාල සීමාවන් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ සහතික කරයි. ගැටුම්වලින් අනතුරුව ප්‍රකෘතිමත් වීම සහ සුව කිරීම සම්බන්ධයෙන් අප ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අපි තවදුරටත් ඉදිරියට ගෙන යන්නෙමු. මේ සඳහා අප විසින් සංහිඳියාව, වගවීම සහ සමාජ සාධාරණත්වය සඳහා දේශීය ආයතන පිහිටුවා ඇත.

මෙම කවුන්සිලය හරහා, අපි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විශ්ව කාලාන්තර සමාලෝචන 3 ක් සම්පූර්ණ කොට, ගිවිසුම් ආයතන සමඟ නිර්මාණාත්මක සංවාදයක නිරත වෙමින්, විශේෂ ක්‍රියා පටිපාටි විධාන දරන්නන් පිළිගෙන, දේශීය හා ජාත්‍යන්තර මැදිහත්කරුවන් සමඟ අවංක හා විවෘත සාකච්ඡා පැවැත්වූයෙමු. එහි තාක්ෂණික සහයෝගීතාවය සහ ධාරිතා වර්ධන වැඩසටහන් ඇතුළුව මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පවතින සැලකිය යුතු විශේෂඥ දැනුමෙන් අපි ප්‍රතිලාභ ලබා ඇත්තෙමු. එක්සත් ජාතීන්ගේ රටේ කණ්ඩායම හරහා, ප්‍රතිසන්ධානය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ දේශීය ක්‍රියාවලීන් සඳහා ලබාදෙන අඛණ්ඩ සහයෝගය අපි අගය කරමු.

ජනවාර්ගික සහ ආගමික අනන්‍යතාවය සහ දේශපාලන බැඳීම් නොසලකා, මෙම සහයෝගී අන්තර්ක්‍රියා තුළින් සහ අපගේ දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, අපගේ සියලුම පුරවැසියන් සඳහා මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම අපි අඛණ්ඩව සහතික කරමු.


කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑමකට ලක්වුවද, අපේ ජනතාවගේ සංවර්ධනය සඳහා වන අයිතිය අපි අඛණ්ඩව තහවුරු කරන්නෙමු. තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම ස්ථාන 7 කින් වැඩිදියුණු කොට ඇත. ඔවුන්ගේ පුළුල් බිම් මට්ටමේ ව්‍යාප්තිය සහ ප්‍රවීණත්වය තුළින් අපගේ සිවිල් සමාජ හවුල්කරුවන් ලබා දෙන දායකත්වය අපි අගය කරමු.

ජාත්‍යන්තර ප්‍රජාවේ සංවර්ධනය වෙමින් පවතින සාමාජික රාජ්‍යයක් ලෙස, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අපගේ ප්‍රයත්නයන්ට බලපාන වසංගතය සහ යුරෝපයේ දිග හැරෙන ගැටුම් වැනි අර්බුදවල තවදුරටත් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට අපි සූදානම් වන්නෙමු.


අද අප සිටින්නේ කවුන්සිලයේ වැඩ කටයුතු සමාලෝචනය කරනු ලබන කාල පරිච්ඡේදයක ය. මෙම කවුන්සිලය එහි පූර්වගාමියා වූ කොමිසමේ බිඳවැටීම සඳහා තුඩු දුන් විශ්වසනීයත්වය පිළිබඳ පරතරය මඟහරවා ගැනීමට සමත් වී ඇත්ද යන්න අපි මෙනෙහි කරන්නෙමු.

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ බහුපාර්ශ්වික ආකෘතිය පසුගිය දශක කිහිපය තුළ දී ක්‍රමානුකූලව වර්ධනය විය. අපි පාරිශුද්ධ යැයි සලකනු ලබන මූලික මූලධර්ම වන, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සාමාජික රටවල ස්වෛරී සමානාත්මතාවය මත පදනම් වූ අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම මගින් මෙහෙයවිය යුතුය යන මූලධර්ම මත මෙම සම්මුතිය ගොඩනගා ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 60/251 යෝජනාව සහ මානව හිමිකම් කවුන්සිලයේ 5/1 සහ 5/2 යෝජනා ද මඟින් කවුන්සිලයේ ක්‍රියාකිරීමේ විධික්‍රම විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත්, සාධාරණ හා අපක්ෂපාතී විය යුතු බවත්, අව්‍යාජ සංවාදයක් ඇති කළ යුතු බවත් තීරණය කරන ලදී.

2021 මාර්තු මාසයේදී, අදාළ රට ලෙස ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කරන ලද 46/1 යෝජනාව සඳහා කවුන්සිලය ඡන්දය ප්‍රකාශ කළේය. මෙම කාරණය සලකා බැලීම මත මෙම සංසදය ධ්‍රැවීකරණය හා දේශපාලනීකරණය විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම කවුන්සිලය වෙත මුලින් ප්‍රදානය කරන ලද ජනවරමෙන් විශ්මය ජනක ලෙස ඉවත්ව යමින්, මෙම යෝජනාවේ ක්‍රියාත්මක 6 වැනි ඡේදය ඊනියා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිළිබඳව සඳහන් කරන අතර, එය රටවල් ගණනාවක් විසින් දැඩි ලෙස විරුද්ධ වන ලද පියවරකි. එවැනි මුලපිරීම් මඟින්, දේශීය හා ජාත්‍යන්තර තලය තුළ අසමගියක් ඇති කරයි. එය සංහිඳියා ප්‍රයත්නවලට බාධා ඇති කරයි, අතීත තුවාල යළි විවෘත කිරීමෙන් වෛරය ජනනය කරයි, සමාජය ධ්‍රැවීකරණය කරයි.


මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රජයන්ට සහාය වීම පිණිස සැබවින්ම පුළුල් වැඩකිරීමේ ක්‍රම මාලාවක් සමඟ සාමාජික රටවල් විසින් මෙම කවුන්සිලය සහ එහි ලේකම් කාර්යාලය සඳහා වරමක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව කවුන්සිලයේ වැඩ කටයුතුවල ඵලදායී හා ප්‍රයෝජනවත් වූ එම අංශවලට ක්‍රියාකාරීව සහ නිර්මාණාත්මකව සහභාගී වී ඇති අතර, එමඟින් අපගේ ජනතාවට සුරක්ෂිත, දිගු හා වඩා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සහතික කිරීම සඳහා උපකාරී වී ඇත. දණ්ඩනීය, දේශපාලනීකරණය වූ, බෙදීම් ඇති කරන, උපකාරක නොවන සහ බාහිර හේතු නිසා ආරම්භ කරන ලද ඒවා අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.


ලෝකයේ වෙනත් තැන්වල මෙන්, ත්‍රස්තවාදය සමඟ කටයුතු කිරීමේ දී මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව අතර සාධාරණ සමතුලිතතාවයක් ඇති කිරීම සඳහා අපි උත්සාහ දරන්නෙමු. ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය මගින් විමර්ශන රඳවා තබා ගැනීමට සහ නඩු විභාගවලට යටත්වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්, ප්‍රකාශනයේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා නොකළ යුතු බවත් ශ්‍රී ලංකාව අවබෝධ කොටගෙන ඇත. මෙම අරමුණු පෙරදැරිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාශයට පත් කොට වසර 43 කට පසුව එය සංශෝධනය කිරීමේ මූලික පියවරක් වන පනත් කෙටුම්පතක් මා පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළෙමි.

වෛෂයිකත්වය සහ වෙන්වීම යටපත් කිරීමේ අවශ්‍ය ප්‍රතිවිපාක ඇති කරන ස්වේච්ඡා අරමුදල් භාවිතයට අපි විශේෂ විරෝධයක් දක්වමු. මෙම පසුබිමට එරෙහිව, 46/1 යෝජනාවේ OP 6 යටතේ ස්ථාපිත සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ප්‍රයෝජනවත් නොවන බවත්, ශ්‍රී ලාංකීය සමාජය ධ්‍රැවීකරණය කිරීමට හේතුවන බවත්, මෙම අභියෝගාත්මක කාලය තුළ ආර්ථික සංවර්ධනයට, සාමයට සහ සහජීවනයට අහිතකර ලෙස බලපාන බවත් යන සිය මතය ශ්‍රී ලංකාව යළි අවධාරණය කරයි. එය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු සමස්ත බහුපාර්ශ්වික පද්ධතිය හරහා දැඩි මූල්‍ය හිඟයක් පවතින අවස්ථාවක දී සිදුකෙරෙන ඵලදායී නොවන සාමාජික රාජ්‍ය සම්පත් නාස්ති කිරීමකි.


මාර්තු 4 වැනි දින මෙම කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයක දී රැස්වේ. ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදාහදා ගැනීමට මම අපේක්ෂා කරමි.



மனித உரிமைகள் பேரவையின் 49வது அமர்வு

வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல்பீரிஸின்

 உயர்மட்ட அமர்விற்கான அறிக்கை

கௌரவ தலைவர் அவர்களே,

மனித உரிமைகளை ஊக்குவித்து, பாதுகாப்பதனை உணர்ந்து கொள்வதற்கான பலதரப்புக் கட்டமைப்பில்  இலங்கை ஒரு செயலூக்கமான பங்கேற்பாளராக உள்ளது.

எமது அரசியலமைப்பில் பொதிந்துள்ள அடிப்படை உரிமைகள், ஜனநாயக ரீதியாக தேர்ந்தெடுக்கப்பட்ட எமது அரசாங்கத்தின் அமைப்புக்களின் மூலம் படிப்படியாக முன்னேறி, எமது சுதந்திரமான நீதித்துறையின் மூலம் செயற்படுத்தப்படுகின்றது. பயங்கரவாதத்திலிருந்து பல சவால்களை எதிர்கொண்ட போதிலும், நாடு முழுவதும் சமாதானம், பாதுகாப்பு மற்றும் சட்டத்தின் ஆட்சியை மீட்டெடுத்துள்ளோம். எமது ஜனநாயக மரபுகள் மற்றும் சுயாதீன நிறுவனங்கள் உலகளாவிய வயது வந்தோருக்கான வாக்குரிமையின் மூலம் சீரான இடைவெளியில் சுதந்திரமான மற்றும் நியாயமான தேர்தல்களை உறுதி செய்கின்றன. மோதலுக்குப் பிந்தைய மீட்பு மற்றும் குணமடைதலில் நாம் பெற்ற கணிசமான முன்னேற்றத்தை மேலும் முன்னேற்றுவோம். இதற்காக நல்லிணக்கம், பொறுப்புக்கூறல் மற்றும் சமூக  நீதிக்கான உள்நாட்டு நிறுவனங்களை அமைத்துள்ளோம்.

இந்த சபையின் மூலம், பரஸ்பரம் நன்மை பயக்கும் 3 உலகளாவிய காலாந்தர மீளாய்வுகளை நாங்கள் நிறைவு செய்து, ஒப்பந்த அமைப்புக்களுடன் ஆக்கபூர்வமான கலந்துரையாடல்களில் ஈடுபட்டு, விஷேட நடைமுறைகளுக்கான ஆணைகளை வைத்திருப்பவர்களை வரவேற்று, உள்நாட்டு மற்றும் சர்வதேச உரையாசிரியர்களுடன் வெளிப்படையான மற்றும் திறந்த கலந்துரையாடல்களில் ஈடுபட்டுள்ளோம். மனித உரிமைகள் தொடர்பில் ஐ.நா. விடம் உள்ள கணிசமான நிபுணத்துவம் மற்றும் அதன் தொழில்நுட்ப ஒத்துழைப்பு மற்றும் திறன் அபிவிருத்தித் திட்டங்கள் ஆகியவற்றின் மூலம் நாங்கள் பயனடைந்துள்ளோம். நல்லிணக்கம் மற்றும் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைந்து  கொள்வதற்கான எமது உள்நாட்டு செயன்முறைகளுக்கு நாட்டிற்கான  ஐ.நா. குழுவின் மூலமாக தொடர்ந்தும் நல்கப்படுகின்ற ஆதரவை நாங்கள் மதிக்கின்றோம்.

இந்தக் கூட்டுறவு ஊடாடலினூடாக, எமது உள்நாட்டுக் கட்டமைப்பு மற்றும் சர்வதேசக் கடப்பாடுகளுக்கு அமைய,  இன மற்றும் மத அடையாளம் மற்றும் அரசியல் சார்பு எதுவுமின்றி, எமது பிரஜைகள் அனைவரினதும் மனித உரிமைகள் மற்றும் சமூக நீதியை மேம்படுத்தி, பாதுகாப்பதை நாங்கள் தொடர்ந்தும் உறுதிசெய்கின்றோம்.

கௌரவ தலைவர் அவர்களே,

கோவிட்-19 தொற்றுநோயால் தோற்றுவிக்கப்பட்ட பொருளாதாரப் பின்னடைவுகள் நிலவுகின்ற போதிலும், அபிவிருத்திக்கான எமது மக்களின் உரிமையை நாங்கள் தொடர்ந்தும் உறுதி செய்து வருகின்றோம். சமீபத்திய நிலையான  அபிவிருத்தி இலக்கு அறிக்கைக்கு அமைய, இலங்கை தனது உலகளாவிய தரவரிசையை 7 நிலைகளால் மேம்படுத்தியுள்ளது. தமது விரிவான அடிமட்டத்திலான தொடர்பு மற்றும் நிபுணத்துவத்தின் மூலம் எமது சிவில் சமூகப் பங்காளிகள் அளித்த பங்களிப்பை நாங்கள் பாராட்டுகின்றோம்.

சர்வதேச சமூகத்தின் அபிவிருத்தியடைந்து வரும் உறுப்பு நாடாக, நிலையான அபிவிருத்தி இலக்குகளை அடைந்து கொள்வதற்கான எமது முயற்சிகளில் தாக்கத்தை ஏற்படுத்துகின்ற தொற்றுநோய் மற்றும் ஐரோப்பாவில் நிலவுகின்ற மோதல் போன்ற நெருக்கடி மிகுந்த சூழ்சிலைகளினால் மேலும் ஏற்படவிருக்கின்ற பாதகமான பொருளாதார  விளைவுகளை எதிர்கொள்ளத் தயாராக இருக்கின்றோம்.

கௌரவ தலைவர் அவர்களே,

சபையின் பணிகளை மீளாய்வு செய்யும் காலகட்டத்தில் நாம் இன்று இருக்கின்றோம். அதன் முன்னோடி ஆணைக்குழுவின் வீழ்ச்சிக்கு வழிவகுத்த நம்பகத்தன்மை இடைவெளியை சமாளிப்பதில் சபை வெற்றி பெற்றுள்ளதா  என்பதை நாங்கள் பிரதிபலிக்கின்றோம்.

மனித உரிமைகளை நடைமுறைப்படுத்துவதற்கான பல்தரப்புக் கட்டமைப்பு கடந்த தசாப்தங்களில் படிப்படியாக உருவாக்கப்பட்டது. மனித உரிமைகளை மேம்படுத்துதல் மற்றும் பாதுகாத்தல் ஆகியவை உறுப்பு நாடுகளின் இறையாண்மை சமத்துவத்தின் அடிப்படையில் பாரபட்சமற்ற தன்மை, புறநிலை மற்றும் தேர்ந்தெடுக்கப்படாத கொள்கைகளால் வழிநடத்தப்பட வேண்டும் என்ற புனிதமானதாக நாம் கருதும் முக்கிய கொள்கைகளில் ஒருமித்த கருத்து  உருவாக்கப்பட்டது. சபையின் பணி முறைமைகள் வெளிப்படையானதாகவும், நியாயமானதாகவும், பாரபட்சமற்றதாகவும் இருக்க வேண்டும் என்றும், உண்மையான உரையாடலை செயற்படுத்த வேண்டும் என்றும் ஐக்கிய நாடுகள் பொதுச் சபை தீர்மானம் 60/251 மற்றும் மனித உரிமைகள் சபையின் 5/1 மற்றும் 5/2 ஆகிய தீர்மானங்களின் மூலம் தீர்மானிக்கப்பட்டன.

சம்மந்தப்பட்ட நாடான இலங்கையின் அனுமதியின்றி சமர்ப்பிக்கப்பட்ட 46/1 தீர்மானத்தின் மீது மார்ச் 2021 இல் சபை வாக்களித்திருந்தது. இந்த விடயத்தைப் பரிசீலிப்பதானது இந்த மன்றத்தை துருவப்படுத்தி அரசியல் மயமாக்கியது. ஐ.நா பொதுச் சபை முதலில் இந்த சபைக்கு வழங்கிய ஆணையில் இருந்து விலகி, பல நாடுகளால் கடுமையாக எதிர்க்கப்பட்ட ஒரு நடவடிக்கையான ஆதாரம் சேகரிக்கும் பொறிமுறையை இந்தத் தீர்மானத்தின் செயற்பாட்டுப் பந்தி 6 குறித்து நிற்கின்றது. இத்தகைய முன்முயற்சிகள் உள்நாட்டு மற்றும் சர்வதேச அரங்கில் ஒற்றுமையின்மையை  உருவாக்குகின்றன. இது நல்லிணக்க முயற்சிகளுக்கு தடைகளை உருவாக்கி, கடந்தகால காயங்களை மீண்டும் திறப்பதன் மூலம் வெறுப்பை வளத்து, சமூகங்களை துருவப்படுத்துகின்றது.

கௌரவ தலைவர் அவர்களே,

மனித உரிமைகளை மேம்படுத்துவதற்கும், பாதுகாப்பதற்கும் அரசாங்கங்களுக்கு உதவுவதற்கான விரிவான  பயனுள்ள பணி முறைகளை உண்மையில் உறுப்பு நாடுகள் இந்த சபைக்கும், அதன் செயலகத்திற்கும் கட்டாயமாக்கியுள்ளன. எமது மக்கள் பாதுகாப்பான, நீண்ட மற்றும் கண்ணியமான வாழ்க்கையை வாழ்வதை உறுதிசெய்வதற்கு உதவிய, சபையின் உற்பத்திகரமான மற்றும் நன்மை பயக்கும் பணியின் அம்சங்களில் இலங்கை தீவிரமாகவும் ஆக்கப்பூர்வமாகவும் பங்கேற்றுள்ளது. தண்டனைக்குரிய, அரசியல்மயமாக்கப்பட்ட, பிளவுபடுத்தும், உதவாத மற்றும் புறம்பான காரணங்களால் தொடங்கப்பட்ட விடயங்களை நாங்கள் நிராகரிக்கின்றோம்.

கௌரவ தலைவர் அவர்களே,

உலகில் ஏனைய இடங்களைப் போலவே, பயங்கரவாதத்தைக் கையாளும் போது மனித உரிமைகள் மற்றும் தேசிய பாதுகாப்பு ஆகியவற்றுக்கு இடையே ஒரு நியாயமான சமநிலையை ஏற்படுத்த முயற்சிக்கின்றோம். பயங்கரவாதத் தடைச் சட்டமானது விசாரணைக்காக தடுத்து வைக்கப்படுதல் மற்றும் விசாரணை ஆகியவற்றுக்கு உட்பட்ட நபர்களின் உரிமைகளைப் பாதுகாக்க வேண்டும் என்றும், கருத்துச் சுதந்திரம் போன்ற ஜனநாயக சுதந்திரங்களைக் கட்டுப்படுத்தக் கூடாது என்றும் இலங்கை உறுதியாக நம்புகின்றது. இந்த நோக்கங்களைக் கருத்திற்கொண்டு, பயங்கரவாதத் தடைச் சட்டம் பிரகடனப்படுத்தப்பட்டு 43 வருடங்களின் பின்னர், அதனைத் திருத்துவதற்கான ஆரம்ப கட்டமாக,  இலங்கைப் பாராளுமன்றத்தில் நான் அண்மையில் ஒரு சட்டமூலத்தை முன்வைத்தேன்.

புறநிலை மற்றும் பற்றின்மையைக் குறைமதிப்பிற்கு உட்படுத்தும் அவசியமான விளைவுகளைக் கொண்ட தன்னார்வ நிதியைப் பயன்படுத்துவது தொடர்பில் நாங்கள் ஆட்சேபனையை முன்வைக்கின்றோம். இந்தப் பின்னணியில், 46/1 தீர்மானத்தின் ஓ.பி. 6 இன் கீழ் நிறுவப்பட்ட சாட்சியங்களை சேகரிக்கும் பொறிமுறையானது இலங்கை மக்களுக்கு உதவாது, இலங்கை சமூகத்தை துருவமயமாக்கி, சவாலான நேரத்தில் பொருளாதார அபிவிருத்தி, சமாதானம் மற்றும் நல்லிணக்கத்தை மோசமாகப் பாதிக்கும் என இலங்கை மீண்டும் தனது கருத்தை வலியுறுத்துகின்றது. உயர்ஸ்தானிகர் அலுவலகம் உட்பட பலதரப்பு அமைப்பு முழுவதும் கடுமையான நிதிப் பற்றாக்குறை நிலவுகின்ற தற்போதைய காலகட்டத்தில்,  உறுப்பு நாடுகளின் வளங்களைப் பயன்படுத்திக் கொள்வதற்கு இது ஒரு பயனற்ற விடயம் ஆகும்.

கௌரவ தலைவர் அவர்களே,

இலங்கை தொடர்பான ஊடாடும் உரையாடலுக்காக மார்ச் 04ஆந் திகதி இந்த சபை ஒன்றுகூடவுள்ளது. இலங்கை  குறித்த எழுத்துபூர்வமான புதிய தகவல்கள் குறித்த சில எண்ணக்கருத்துக்களை அதன்போது உங்களுடன் பகிர்ந்து கொள்ள ஆவலுடன் எதிர்பார்த்துள்ளேன்.