The delegation from Sri Lanka that attended the 49th session of the Human Rights Council in Geneva was led by the Minister of Foreign Affairs, Prof​. G.L. Peiris and comprised of Minister of Justice Ali Sabry, State Minister of Production Supply and Regulation of Pharmaceuticals Dr. Channa Jayasumana, Foreign Secretary Admiral Prof. Jayanath Colombage and Additional Solicitor General Nerin Pulle.

The 49th session of the Human Rights Council was held in the backdrop of a written update on Sri Lanka which was to be presented to the Council by the UN High Commissioner for Human Rights in pursuance of resolution 46/1 which was adopted in March 2021, without the consent of Sri Lanka as the country concerned and with only 22 of the 47 Council members voting in favour of it.

Operative Paragraph 6 of this resolution set a very dangerous precedent by requiring the Office of the High Commissioner to take on the role of collecting criminal evidence with a view to future prosecution. Due to its fundamentally flawed nature, even countries that voted in favour of resolution 46/1, in their ‘explanation of the vote’ expressed reservations regarding this new task assigned to the Office of the  High Commisisoner for Human Rights (OHCHR) which is not consistent with its founding document General Aseembly resolution 48/141.

The OHCHR has now established a “Sri Lanka Accountability Project” citing resolution 46/1, in a situation where the language of OP6 in resolution 46/1 only sought to “strengthen the capacity of the OHCHR to collect, consolidate, analyse and preserve…evidence.” Thus, what was supposed to be only an internal capacity building exercise within the OHCHR has arbitrarily been elevated to the level of a project and listed with other external mechanisms of the UNHRC.

Furthermore, all this adversarial action is taking place in Geneva at a time when the Government of Sri Lanka is vigorously engaged in initiating and implementing a series of national processes aimed at advancing reconciliation and human rights for all our people. In this context, it was important for Sri Lanka to explain to the stakeholders in Geneva, including to the Council, UN Member States and other relevant actors, Sri Lanka’s position on this matter and to present before them the significant progress that Sri Lanka has achieved in this regard amidst COVID-19 related challenges.

The Minister of Foreign Affairs addressed the High Level Segment of HRC49 on 1 March, 2022 highlighting Sri Lanka’s longstanding profile as an active participant in the multilateral framework, the national constitutional, legal and institutional frameworks that are in place to realize human rights, including the right to development and Sri Lanka’s achievements in this regard. The Minister also stressed the importance of the HRC being guided by the principles of impartiality, objectivity and non-selectivity, based on the principle of the sovereign equality of Member States and raised objections to punitive, politicized, divisive, unhelpful actions initiated due to extraneous reasons.

Foreign Minister Peiris also made a statement on behalf of Sri Lanka as the country concerned at the interactive dialogue that followed the introduction of the written update on Sri Lanka on 4 March, 2022, pointing out among other things, that resolution 46/1 on Sri Lanka was directly contrary to the founding principles of the HRC. He also pointed out to the Council, elements of the High Commissioner’s written update that were discriminatory and intrusive.

At the Interactive Dialogue on the High Commissioner’s written update, Sri Lanka received cross-regional support and solidarity from a large number of countries of the Global South, who appreciated the Government’s significant efforts towards reconciliation and reiterated the importance of objective and constructive cooperation as the fundamental basis for multilateral engagement. Of the 45 countries that delivered statements at the interactive dialogue, 31 spoke in support of Sri Lanka. These speakers represented a broad spectrum of states from South, South East and Central Asia, Latin America and the Africa.

The 31 countries that spoke in favour of Sri Lanka at the interactive dialogue were Saudi Arabia, Egypt, Philippines, Nepal, Kenya, Ethiopia, Maldives, China, Cuba, Japan, Syrian Arab Republic, Viet Nam, Democratic People’s Republic of Korea (DPRK), Venezuela, Nigeria, Pakistan, Cambodia, the Russian Federation, Lebanon, Uganda, Belarus, Zimbabwe, Eritrea, South Sudan, Lao PDR, Yemen, Iran, Niger, Kazakhstan, Bangladesh and Azerbaijan.

In addition, in its statement at the General Debate on Item 2 that followed the interactive dialogue on Sri Lanka, South Korea also recognized Sri Lanka’s efforts at reconciliation and at initiating legal reforms.

The interventions from the States of the Global South recognised Sri Lanka’s commitment to promoting reconciliation and human rights through national processes including through legislative reform and the progress achieved in this regard despite COVID-19 related challenges. They also underscored the importance of the Human Rights Council and the international community supporting voluntary national processes, as well as upholding the core principles of impartiality,  non-selectivity and non-politicisation.

Among the matters stressed by the intervenient delegations were concerns over the micro-management of Sri Lanka’s internal, constitutional and governance matters and the imperative of strict adherence to the provisions of the UN Charter and relevant UNGA and HRC resolutions. It was also stressed that cooperation with international, human rights mechanisms should be without any external pressure from outside, with states having the power to determine their priorities and areas for international assistance and that only cooperative action will be truly effective and contribute to the real strengthening of human rights in a country.

Certain intervenient delegations also disagreed with the role being set for the OHCHR in collecting evidence, noting that the decision of the OHCHR to establish an “accountability project” is a breach of its mandate. The exorbitant cost of this mandate, in the region of US$ 3 million, was also commented on.

The delegation from Colombo held bi-lateral meetings with the following foreign delegations on the sidelines of HRC49 listed in the order in which they took place.

–         Minister of State for South and Central Asia, UN and the Commonwealth    Lord Tariq Ahmed, accompanied by Ambassador/DPR of ​​the UK Rita French.

–         Commonwealth Secretary General Baroness Patricia Scotland

–         Minister of Foreign Affairs and Cooperation of Timor-Leste Adaljiza Magno

–         Ambassador, Permanent Observer, Permanent Delegation of the Organization of Islamic Cooperation Nassima Baghli,

–         Director General, World Intellectual Property Organization (WIPO) Daren Tang

–         Permanent Representative of Saudi Arabia Abdulaziz M.O. Alwasil

–         Foreign Minister of Palestine Rizad Al Maliki and Permanent Representative of Palestine to the UN in Geneva Ibrahim Khraishi

–         Federal Minister for Human Rights of Pakistan Shireen M Mazari and the Permanent Representative of Pakistan in Geneva Khalil ​Hashmi

–         Minister of International Relations and Cooperation of South Africa, Dr Naledi Pandor

–         Vice Minister of Foreign Affairs for Human Rights and Humanitarian Affairs of Egypt Khaled El Bakry, and  Permanent ​Representative of Egypt Ahmed Ihab Abdelahad Gamaleldin,

–         Permanent Representative of the USA in Geneva Bathsheba Nell Crocker

–         Permanent Representative of the UK Simon MANLEY and Permanent Representative of Australia Amanda GORELY

–         Deputy Head of the Judiciary of the Islamic Republic of Iran Dr Kazem Gharibabadi, and Permanent Representative of Iran Esmaeil ​Baghaei Hamane

–         Permanent Representative of Turkey Sadik Arslan

–         UN High Commissioner for Human Rights Michelle Bachelet

–         President of the Human Rights Council, Permanent Representative of Argentina Federico Villegas

–         Permanent Representative of Bangladesh Md. Mustafizur Rahman and Permanent Representative of Indonesia Febrian Ruddyard

In addition to the above, State Minister of Production Supply and Regulation of Pharmaceuticals ​Prof. Channa Jayasumana held the following bi-laterals meetings with:

–         Director General, World Health Organization, Dr Tedross Adhanom Ghebreyesus

–         Director of COVAX’s Country Engagement Team Santiago Cornejo

Ministry of Foreign Affairs


15 March, 2021


මාධ්‍ය නිවේදනය

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වෙති

 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා කොළඹ සිට පැමිණි නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා  නායකත්වය ලබා දුන් අතර, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ද මෙම නියෝජිත පිරිස සමඟ එක්විය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය පවත්වන ලද්දේ, අදාළ රට ලෙස ශ්‍රී ලංකාවේ කැමැත්ත නොමැතිව සහ කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනාගෙන් 22 දෙනෙකු පමණක් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් 2021 මාර්තු මාසයේ දී සම්මත කරන ලද 46/1 යෝජනාවට අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් එම කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක් තුළ විය.

අනාගතයේ දී නඩු පැවරීමේ අරමුණින් යුතුව, අපරාධ හා සම්බන්ධ සාක්ෂි එකතු කිරීමේ කාර්යභාරය මහ කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත පැවරීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් වන මෙම යෝජනාවේ 6 වැනි මෙහෙයුම් ඡේදය ඉතා භයානක පූර්වාදර්ශයක් සපයයි. එහි මූලික වශයෙන් අන්තර්ගත දෝෂ සහිත ස්වභාවය හේතුවෙන්, 46/1 යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් පවා, සිය ‘ඡන්දය පිළිබඳ පැහැදිලි කිරීමේ දී’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත පවරා ඇති, එහි ආරම්භක ලේඛනය වන GA 48/141 යෝජනාව සමඟ නොගැලපෙන මෙම නව කාර්යය පිළිබඳව එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළහ.

46/1 දරන යෝජනාවේ අන්තර්ගත 6 වැනි මෙහෙයුම් ඡේදය මඟින්, “සාක්ෂි … එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීම” යන කරුණු පමණක් අපේක්ෂා කරන වාතාවරණයක් තුළ, 46/1 දරණ යෝජනාව උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් “ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ව්‍යාපෘතිය” නමින් ව්‍යාපෘතියක් මේ වන විට ස්ථාපිත කොට ඇත. මේ අනුව, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය තුළ අභ්‍යන්තර ධාරිතා ගොඩනැගීමේ අභ්‍යාසයක් පමණක් විය යුතුව තිබූ කාර්යයක්, අත්තනෝමතික ලෙස ව්‍යාපෘතියක මට්ටම වෙත ඔසවා තබා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනෙකුත් බාහිර යාන්ත්‍රණ සමඟ ලැයිස්තුගත කොට ඇත.

තවද, මෙකී සියලු විරෝධාත්මක ක්‍රියාවන් ජිනීවාහි දී සිදු වන්නේ, සියලුම ලාංකිකයන් අරභයා සංහිඳියාව සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුතුව, ජාතික ක්‍රියාදාමයන් මාලාවක් ආරම්භ කොට ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යය තුළ ශ්‍රී ලංකා රජය දැඩි ලෙස නියැලී සිටින වාතාවරණයක් තුළය. මෙම සන්දර්භය තුළ, කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහ අනෙකුත් අදාළ ක්‍රියාකාරීන් ඇතුළු ජිනීවා හි පාර්ශවකරුවන් හමුවේ මේ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පැහැදිලි කිරීම සහ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග මධ්‍යයේ පවා ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවට වැදගත් විය.

විදේශ කටයුතු අමාත්‍යවරයා 2022 මාර්තු 1 වැනි දින, මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ  ඉහළ පෙළේ අංගය අමතමින්, සංවර්ධනයට සඳහා වූ අයිතිය සහ මේ සම්බන්ධයෙන් අප ලබා ඇති ජයග්‍රහණ ඇතුළුව මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන බහුපාර්ශ්වික රාමුව, ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නෛතික සහ ආයතනික රාමු සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සහභාගිවන්නෙකු ලෙස ශ්‍රී ලංකාව සතු  දිගුකාලීන පැතිකඩ පිළිබඳව අවධාරණය කළේය.

සාමාජික රටවල ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය මත පදනම් ව අපක්ෂපාතීත්වය, විෂයමූලිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම භාවිතයට ගනිමින් මානව හිමිකම් කවුන්සිලය මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳව  අවධාරණය කළ අමාත්‍යවරයා, බාහිර හේතූන් මත ක්‍රියාත්මක කරන ලද දණ්ඩනීය, දේශපාලනීකරණය කරන ලද, බෙදීම් ඇති කරන, උපකාරී නොවන ක්‍රියාමාර්ගවලට එරෙහිව  සිය විරෝධය පළ කළේ ය.

2022 මාර්තු 4 වැනි දින, ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී, අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා, අනෙකුත් කරුණු අතර, ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක මූලධර්මවලට සෘජුවම පටහැනි වන බව පෙන්වා දුන්නේ ය. මහ කොමසාරිස්වරියගේ ලිඛිත යාවත්කාලීන කිරීම් තුළ අඩංගු, වෙනස් කොට සැලකීමේ සහ ආක්‍රමණශීලී ස්වභාවයන් පිළිබඳව එතුමා සභාවට පෙන්වා දුන්නේ ය.

මහ කොමසාරිස්වරියගේ ලිඛිත යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් පැවති  අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුර දී, සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කොට ඇති සැලකිය යුතු ආකාරයේ ප්‍රයත්න අගය කළ ගෝලීය දකුණු දිග රටවල් රැසකින් ශ්‍රී ලංකාව වෙත සිය කලාපීය සහය හා සහයෝගීතාව පළ විය. තවද, ඔවුහු බහුපාර්ශ්වික කටයුතු සඳහා මූලික පදනම සපයන විෂයමූලික සහ නිර්මාණාත්මක සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද යළි අවධාරණය කළහ. මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේ දී ප්‍රකාශ ලබා දුන් රටවල් 45 න් 31 ක් ශ්‍රී ලංකාව වෙත සිය සහාය පළ කළහ. මෙම දේශකයන් දකුණු, අග්නිදිග හා මධ්‍යම ආසියාව, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාවේ ප්‍රාන්තවල පුළුල් පරාසයක් නියෝජනය කළහ.

මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක්වූ රටවල් 31 වූයේ සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, ප්‍රජාතාන්ත්‍රික මහජන උතුරු කොරියානු ජනරජය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුසය, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානයයි.

මීට අමතරව, ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයෙන් පසුව පැවති 2 වැනි අයිතමය පිළිබඳ පොදු විවාදයේ දී, දකුණු කොරියාව ද, ශ්‍රී ලංකාව සංහිඳියාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැරූ උත්සාහයන් පිළිගත්තේ ය.

ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළු ජාතික ක්‍රියාවලීන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා කැපවීම සහ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග හමුවේ වුවද මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගෝලීය දකුණු රාජ්‍යයන් විසින් හඳුනාගන්නා ලදී. තවද, මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ස්වේච්ඡා ජාතික ක්‍රියාවලීන් සඳහා සහය පළ කිරීමේ වැදගත්කම මෙන්ම, අපක්ෂපාතීත්වය, තෝරා ගැනීම්වල දී පක්ෂපාතී නොවීම සහ දේශපාලනීකරණය නොකිරීම යන මූලික මූලධර්ම ඔසවා තැබීමේ වැදගත්කම ද ඔවුන් විසින් අවධාරණය කරන ලදී.

මැදිහත් වූ නියෝජිතයින් විසින් අවධාරණය කරන ලද කරුණු අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ව්‍යවස්ථාමය සහ පාලන කටයුතුවල ක්ෂුද්‍ර කළමනාකරණය පිළිබඳව පළ කළ කනස්සල්ල සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සහ මානව මිහිකම් යෝජනාවල විධිවිධාන දැඩි ලෙස පිළිපැදීමේ අවශ්‍යතාවය ද අන්තර්ගත විය. ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණ හා සබැඳි සහයෝගීතාව බාහිර බලපෑම්වලින් තොරව සිදු විය යුතු බවත්, එහි ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර සහය පිළිබඳ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රාජ්‍යයන්ට බලයක් ඇති බවත්, සහයෝගී ක්‍රියාමාර්ග පමණක් සත්‍ය වශයෙන්ම ඵලදායී වන බවත්, එය රටක මානව හිමිකම් සැබෑ ලෙස ශක්තිමත් කිරීමට දායක වන බවත් අවධාරණය කෙරිණි.

“වගකීම පිළිබඳ ව්‍යාපෘතියක්” පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම් කාර්යාලය ගත් තීරණය, එහි විධිනියෝග උල්ලංඝනය කරන්නක් බව සඳහන් කළ ඇතැම් මැදිහත් දූත කණ්ඩායම්, සාක්ෂි රැස්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම් කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය සමඟ එකඟ නොවූහ. ඇමරිකානු ඩොලර් මිලියන 3 ක පමණ අධික පිරිවැයක් සහිත මෙම විධිනියෝගය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරිණි.

කොළඹ සිට පැමිණි දූත පිරිස මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයට සමගාමීව  පහත සඳහන් විදේශීය නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එම සාකච්ඡා පවත්වන ලද අනුපිළිවෙල පහත පරිදි ලැයිස්තුගත කොට ඇත:

– දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති රීටා ෆ්‍රෙන්ච් මැතිනිය

–  පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් බැරන්වරිය

–  ටිමෝර් – ලෙස්ටේ රාජ්‍යයේ විදේශ කටයුතු හා සහයෝගීතා අමාත්‍ය අඩලිජා මැග්නෝ මැතිනිය

–  ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ නිත්‍ය නියෝජිත, නිත්‍ය නිරීක්ෂක හා තානාපති නසීමා භග්ලි මැතිනිය

–  ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩැරන් ටැන්ග් මහතා (WIPO)

–  සෞදි අරාබියේ නිත්‍ය නියෝජිත අබ්දුලාසිස් එම්. ඕ. අල්වසිල් මහතා

–  පලස්තීනයේ විදේශ අමාත්‍ය රිසාඩ් අල් මලිකි මැතිතුමා සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන නිත්‍ය නියෝජිත ඊබ්‍රහිම් ක්‍රයිෂි මහතා

–  පාකිස්තානයේ මානව හිමිකම් පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ශිරීන් එම් මසාරි මැතිනිය සහ ජිනීවා හි පාකිස්තාන නිත්‍ය නියෝජිත ඛලීල් හෂ්මි මහතා.

–   දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝරා මැතිනිය

–  ඊජිප්තුවේ මානව හිමිකම් සහ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඛලේඩ් එල් බක්රි මැතිතුමා සහ  ඊජිප්තුවේ නිත්‍ය නියෝජිත අහ්මඩ් ඉහාබ් අබ්දෙලාහාඩ් ගමාලඩින් මහතා

–  ජිනීවා හි එක්සත් ජනපද නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය

–  එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත සයිමන් මෑන්ලි මහතා සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නියෝජිත ඇමැන්ඩා ගොරේලි මහත්මිය

–  ඉස්ලාමීය ඉරාන ජනරජයේ නියෝජ්‍ය අධිකරණ ප්‍රධානී ආචාර්ය කසේම් ගරිබබාඩි මහතා සහ ඉරානයේ නිත්‍ය නියෝජිත ගරු එස්මයිල් බගේයි හමානේ මැතිතුමා

–   තුර්කියේ නිත්‍ය නියෝජිත සාදික් අර්ස්ලාන් මහතා

–   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය

–   මානව හිමිකම් කවුන්සිලයේ සභාපති, ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලේගාස් මහතා

–   බංග්ලාදේශයේ නිත්‍ය නියෝජිත මොහොමඩ් මුස්තාෆිසූර් රහ්මාන් මහතා සහ ඉන්දුනීසියාවේ නිත්‍ය නියෝජිත ෆෙබ්‍රියන් රුඩ්යාඩ් මහතා

ඉහත සාකච්ඡාවලට අමතරව, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් පහත සඳහන් පිරිස් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදි.

–   ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා

–   කොවැක්ස් හි (COVAX) රාජ්‍ය නිරතවීම් කණ්ඩායමේ අධ්‍යක්ෂ සන්තියාගෝ කොර්නේජෝ මහතා

විදේශ කටයුතු අමාත්‍යාංශය


2022 මාර්තු 15 වැනි දින


ஊடக வெளியீடு

 ஜெனிவாவில் நடைபெற்ற மனித உரிமைகள் பேரவையின் 49ஆவது அமர்வில்  இலங்கைப் பிரதிநிதிகள் பங்கேற்பு

ஜெனிவா மனித உரிமைகள் பேரவையின் 49வது அமர்வில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் தலைமையில், நீதி அமைச்சர் அலி சப்ரி, உற்பத்தி வழங்கல் மற்றும்  மருந்துகள் ஒழுங்குபடுத்தல் இராஜாங்க அமைச்சர் பேராசிரியர் சன்ன ஜயசுமண, வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொலம்பகே, மேலதிக சொலிசிட்டர் ஜெனரல் திரு. நெரின் புள்ளே ஆகியோரை உள்ளடக்கிய தூதுக்குழுவொன்று கொழும்பிலிருந்து கலந்துகொண்டது.

மனித உரிமைகள் பேரவையின் 49ஆவது கூட்டத்தொடரானது, 2021 மார்ச் மாதம் நிறைவேற்றப்பட்ட 46/1 தீர்மானத்தின்படி, ஐ.நா. மனித உரிமைகள்  ஆணையாளரால் இலங்கை தொடர்பான எழுத்துமூலமான புதிய தகவல்களை சபையில் சமர்ப்பிக்கும் முகமாக நடைபெற்றதுடன், குறித்த தீர்மானம் சம்மந்தப்பட்ட நாடான இலங்கையின் அனுமதியின்றி, 47 பேரவை உறுப்பினர்களில் 22 பேர் மட்டுமே ஆதரவாக வாக்களித்தமைக்கு அமைய நிறைவேற்றப்பட்டிருந்தது.

எதிர்காலத்தில் வழக்குத் தொடரும் நோக்கத்துடன் குற்றச் சான்றுகளைச் சேகரிக்கும் பாத்திரத்தை உயர்ஸ்தானிகர் அலுவலகம் ஏற்க வேண்டும் என்பதற்கான மிகவும் ஆபத்தான முன்னுதாரணமாக இந்தத் தீர்மானத்தின் செயற்பாட்டுப் பந்தி 6 அமைந்திருந்தது. 46/1 தீர்மானத்திற்கு ஆதரவாக வாக்களித்த நாடுகள் கூட, அதன் அடிப்படைக் குறைபாடுள்ள  தன்மையின் காரணமாக, பொதுச் சபை தீர்மானம் 48/141 இன் ஸ்தாபக ஆவணத்துடன் ஒத்துப்போகாத ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்திற்கு ஒதுக்கப்பட்டுள்ள இந்தப் புதிய பணி குறித்து தமது ‘வாக்கு விளக்கத்தில்’ ஆட்சேபணைகளை முன்வைத்துள்ளன.

தீர்மானம் 46/1 இல் உள்ள ஓ.பி.6 ஆனது, ‘ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்தின் பணியாக சான்றை சேகரிக்க, ஒருங்கிணைக்க, பகுப்பாய்வு மற்றும் பாதுகாக்கும் திறனை வலுப்படுத்த’ மட்டுமே முயன்றுள்ள போதிலும், ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகம்  இப்போது 46/1 தீர்மானத்தை மேற்கோள் காட்டி ‘இலங்கையின் பொறுப்புக்கூறல் திட்டத்தை’ நிறுவியுள்ளது. இவ்வாறு, ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்திற்குள் உள்ளகத் திறன் விருத்திப் பயிற்சியாக மட்டுமே இருக்க வேண்டிய செயலானது, தன்னிச்சையாக ஒரு திட்டத்தின் நிலைக்கு உயர்த்தப்பட்டு, ஐக்கிய நாடுகளின் மனித உரிமைகள் பேரவையின் ஏனைய வெளிப்புற வழிமுறைகளுடன் பட்டியலிடப்பட்டுள்ளது.

மேலும், எமது மக்கள் அனைவருக்கும் நல்லிணக்கம் மற்றும் மனித உரிமைகளை முன்னெடுப்பதை இலக்காகக் கொண்டு, தொடர்ச்சியான தேசிய செயற்பாடுகளை ஆரம்பித்து நடைமுறைப்படுத்துவதில் இலங்கை அரசாங்கம் தீவிரமாக ஈடுபட்டுள்ளதொரு தருணத்தில், இந்த அனைத்து விரோதமான நடவடிக்கைகளும் ஜெனீவாவில் இடம்பெற்று வருகின்றன. எனவே, இலங்கையின் நிலைப்பாடு மற்றும் கோவிட்-19 தொடர்பான சவால்களுக்கு மத்தியிலும் இலங்கை இந்த விடயத்தில்  அடைந்து கொண்டுள்ள குறிப்பிடத்தக்க முன்னேற்றம் ஆகியன குறித்து இந்த சபை, ஐ.நா. உறுப்பு நாடுகள் மற்றும் ஏனைய சம்பந்தப்பட்ட செயற்பாட்டாளர்கள் உட்பட ஜெனீவாவில் உள்ள பங்குதாரர்களுக்கு இலங்கை விளக்கமளிப்பது முக்கியமானதாகும்.

மனித உரிமைகள் பேரவையின் உயர்மட்ட அமர்வு 49 இல் 2022 மார்ச் 01ஆந் திகதி உரையாற்றிய வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், பலதரப்புக் கட்டமைப்பில் பங்கேற்பாளராக, அபிவிருத்திக்கான உரிமை உட்பட தேசிய அரசியலமைப்பு, சட்ட மற்றும் நிறுவனக் கட்டமைப்புக்களில் மனித உரிமைகளை அடைந்து கொள்வதற்கான முயற்சிகளில் ஈடுபடுகின்ற இலங்கையின் நீண்டகால  சுயவிவரம் மற்றும் இது சம்பந்தமான இலங்கையின் சாதனைகளை எடுத்துக்காட்டினார். உறுப்பு நாடுகளின் இறையாண்மை சமத்துவக் கோட்பாட்டின் அடிப்படையில் மனித உரிமைகள் பேரவை நடுநிலைமை, புறநிலை மற்றும் தேர்ந்தெடுக்காத கொள்கைகளால் வழிநடாத்தப்படுவதன் முக்கியத்துவத்தையும் இதன்போது வலியுறுத்திய அமைச்சர், புறம்பான காரணங்களால் தொடங்கப்பட்ட தண்டனைக்குரிய, அரசியல்மயமாக்கப்பட்ட, பிளவுபடுத்தும், உதவாத நடவடிக்கைகளுக்கு ஆட்சேபனைகளைத் தெரிவித்தார்.

2022 மார்ச் 04ஆந் திகதி இலங்கை தொடர்பான எழுத்துமூலமான புதிய தகவலறிக்கை அறிமுகப்படுத்தப்பட்டதைத் தொடர்ந்து இடம்பெற்ற ஊடாடும் உரையாடலில், சம்பந்தப்பட்ட நாடு என்ற  வகையில், இலங்கை மீதான 46/1 தீர்மானம் மனித உரிமைகள் பேரவையின் ஸ்தாபகக் கோட்பாடுகளுக்கு நேர் எதிரானது என்பதனை சுட்டிக்காட்டி, இலங்கையின் சார்பாக வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸ் அறிக்கை ஒன்றை வெளியிட்டார். உயர்ஸ்தானிகரின் எழுத்துப்பூர்வமான புதிய தகவல் அறிக்கையில் இடம்பெற்றிருந்த பாரபட்சமான மற்றும் ஊடுருவும் அம்சங்களையும் அவர் சபைக்கு சுட்டிக்காட்டினார்.

உயர்ஸ்தானிகரின் எழுத்துபூர்வ புதிய தகவல் அறிக்கை தொடர்பான ஊடாடும் உரையாடலில், நல்லிணக்கத்திற்கான அரசாங்கத்தின் குறிப்பிடத்தக்க முயற்சிகளைப் பாராட்டி, பலதரப்பு ஈடுபாட்டிற்கான முக்கிய அடிப்படையாக புறநிலை மற்றும் ஆக்கபூர்வமான ஒத்துழைப்பின் முக்கியத்துவத்தை மீண்டும் வலியுறுத்திய உலகளாவிய தெற்கின் பெரும் எண்ணிக்கையிலான நாடுகளில் இருந்து இலங்கைக்கு பிராந்திய ஆதரவு மற்றும் ஒற்றுமை கிடைத்தது. ஊடாடும் உரையாடலில் அறிக்கைகளை வழங்கிய 45 நாடுகளில் 31 நாடுகள் இலங்கைக்கு ஆதரவாகப் பேசியுள்ளன. இந்தப்  பேச்சாளர்கள் தெற்கு, தென்கிழக்கு மற்றும் மத்திய ஆசியா, லத்தீன் அமெரிக்கா மற்றும் ஆபிரிக்காவில் உள்ள அரசுககளைப் பிரதிநிதித்துவப்படுத்தினர்.

சவுதி அரேபியா, எகிப்து, பிலிப்பைன்ஸ், நேபாளம், கென்யா, எத்தியோப்பியா, மாலைதீவு, சீனா,  கியூபா, ஜப்பான், சிரிய அரபுக் குடியரசு, வியட்நாம், கொரியா ஜனநாயக மக்கள் குடியரசு, வெனிசுவேலா, நைஜீரியா, பாகிஸ்தான், கம்போடியா, ரஷ்யக் கூட்டமைப்பு, லெபனான், உகாண்டா, பெலாரஸ், சிம்பாப்வே, எரித்திரியா, தெற்கு சூடான், லாவோ மக்கள் ஜனநாயகக் குடியரசு, எமன், ஈரான், நைஜர், கசகஸ்தான், பங்களாதேஷ் மற்றும் அசர்பைஜான் ஆகியன ஊடாடும் உரையாடலில் இலங்கைக்கு ஆதரவாகப் பேசிய 31 நாடுகளாகும்.

மேலும், இலங்கை தொடர்பான ஊடாடும் உரையாடலைத் தொடர்ந்து விடயம் 2 மீதான பொது விவாதத்தில், நல்லிணக்கம் மற்றும் சட்ட சீர்திருத்தங்களைத் தொடங்குவதிலான இலங்கையின்  முயற்சிகளை தென் கொரியா அங்கீகரித்துள்ளது.

கோவிட்-19 தொடர்பான சவால்களைப் பொருட்படுத்தாமல், சட்டச் சீர்திருத்தம் உட்பட தேசிய  செயன்முறைகளின் மூலம் நல்லிணக்கம் மற்றும் மனித உரிமைகளை மேம்படுத்துவதற்கான இலங்கையின் அர்ப்பணிப்பை உலகளாவிய தெற்கின் அரசுகள் அங்கீகரித்தன. தன்னார்வ தேசிய செயன்முறைகளை ஆதரிப்பதன் முக்கியத்துவத்தை மனித உரிமைகள் பேரவை மற்றும் சர்வதேச சமூகம் ஆகியன சுட்டிக் காட்டியதுடன், பாரபட்சமற்ற தன்மை, தேர்ந்தெடுக்காத தன்மை மற்றும் அரசியல்மயமாக்கம் செய்யாமை ஆகிய அடிப்படைக் கொள்கைகளை நிலைநிறுத்தின.

இலங்கையின் உள்ளக அரசியலமைப்பு மற்றும் ஆட்சி விடயங்களின் நுண்ணிய முகாமைத்துவம் மற்றும் ஐ.நா. சாசனம் மற்றும் சம்பந்தப்பட்ட ஐ.நா. பொதுச் சபை மற்றும் மனித உரிமைகள் பேரவைத் தீர்மானங்களின் விதிமுறைகளை கட்டாயமாக கடைப்பிடிக்க வேண்டியதன் அவசியம்  மற்றும் தலையீடு ஆகியன பிரதிநிதிகளால் வலியுறுத்தப்பட்ட விடயங்களில் அடங்கும். சர்வதேச உதவிக்கான தமது முன்னுரிமைகள் மற்றும் பகுதிகளைத் தீர்மானிக்கும் அதிகாரம் அரசுகளுக்கு இருக்கும் வகையில், சர்வதேச மனித உரிமைகள் பொறிமுறைகளுடன் ஒத்துழைப்பது எந்தவிதமான வெளியக அழுத்தங்களும் உட்படாமல் இருக்க வேண்டும் என்றும், கூட்டுறவு நடவடிக்கை மட்டுமே உண்மையில் பயனுள்ளதாக இருக்கும் என்றும், ஒரு நாட்டில் மனித உரிமைகளை உண்மையாக வலுப்படுத்த பங்களிக்கும் என்றும் வலியுறுத்தப்பட்டது.

ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகம் ‘பொறுப்புத் திட்டம்’ ஒன்றை நிறுவுவதானது அதன் ஆணையை மீறுவதாகக் குறிப்பிட்டு, சாட்சியங்களை சேகரிப்பதில்  ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்திற்கு அமைக்கப்பட்டுள்ள வகிபாகத்தை சில பிரதிநிதிகள் ஏற்றுக் கொள்ளவில்லை. 3 மில்லியன் அமெரிக்க டொலர் பிராந்தியத்தில் இந்த ஆணையின் அதிகப்படியான செலவு குறித்தும் கருத்து தெரிவிக்கப்பட்டது.

மனித உரிமைகள் பேரவை 49 அமர்வுக்குப் பக்க அம்சமாக, கொழும்பில் இருந்து விஜயம் செய்திருந்த பிரதிநிதிகள் குழுவினர் பின்வரும் வெளிநாட்டுப் பிரதிநிதிகளுடன் இருதரப்பு சந்திப்புக்களில்  ஈடுபட்டனர்.

– தூதுவர் / ஐக்கிய இராச்சியத்தின் பிரதி நிரந்தரப் பிரதிநிதி ரீட்டா பிரெஞ்ச் அவர்களால் ஒருங்கிணைக்கப்பட்ட ஐக்கிய இராச்சியத்தின் தெற்கு மற்றும் மத்திய ஆசியா, ஐ.நா.  மற்றும் பொதுநலவாய இராஜாங்க அமைச்சர் தாரிக் அகமத் பிரபு

–   பொதுநலவாய பொதுச் செயலாளர் பரோனஸ் பட்ரிசியா ஸ்கொட்லேண்ட்

– திமோர்-லெஸ்டேவின் வெளியுறவு மற்றும் ஒத்துழைப்பு அமைச்சர் திருமதி. அடல்ஜிசா மாக்னோ

– இஸ்லாமிய ஒத்துழைப்பு அமைப்பின் தூதுவர், நிரந்தரப் பார்வையாளர் மற்றும் நிரந்தரப் பிரிதிநிதி திருமதி. நசிமா பாக்லி

–  உலக புலமைச்சொத்து அமைப்பின் பணிப்பாளர் நாயகம் திரு. டேரன் டாங்

–  சவூதி அரேபியாவின் நிரந்தரப் பிரதிநிதி திரு. அப்துலஸிஸ் எம்.ஓ. அல்வாசில்

–  பலஸ்தீனத்தின் வெளிநாட்டு அமைச்சர் ரிசாத் அல் மாலிகி மற்றும் ஜெனிவாவில் உள்ள  ஐ.நா. வுக்கான பலஸ்தீனத்தின் நிரந்தரப் பிரதிநிதி திரு. இப்ராஹிம் கிரைஷி

–  பாகிஸ்தானின் மனித உரிமைகளுக்கான மத்திய அமைச்சர் திருமதி. ஷிரீன் எம் மசாரி மற்றும் ஜெனிவாவில் உள்ள பாகிஸ்தானின் நிரந்தரப் பிரதிநிதி திரு. கலீல் ஹஷ்மி

–  தென்னாபிரிக்காவின் சர்வதேச உறவுகள் மற்றும் ஒத்துழைப்பு அமைச்சர் கலாநிதி. நலேடி பாண்டோர்

–  எகிப்தின் மனித உரிமைகள் மற்றும் மனிதாபிமான விவகாரங்களுக்கான வெளிநாட்டு அலுவல்கள் பிரதி அமைச்சர் காலித் எல் பக்ரி மற்றும் எகிப்தின் நிரந்தரப் பிரதிநிதி திரு. அஹ்மத் இஹாப் அப்தெலாஹத் கமாலெல்டின்

–  ஜெனிவாவில் உள்ள அமெரிக்காவின் நிரந்தரப் பிரதிநிதி திருமதி. பாத்ஷேபா நெல் க்ரோக்கர்

– ஐக்கிய இராச்சியத்தின் நிரந்தரப் பிரதிநிதி திரு. சைமன் மேன்லி மற்றும் திருமதி. அமண்டா

– அவுஸ்திரேலியாவின் நிரந்தரப் பிரதிநிதி கோரேலி

–  ஈரான் இஸ்லாமியக் குடியரசின் நீதித்துறையின் பிரதித் தலைவர் கலாநிதி. கசெம் கரிபாபாடி மற்றும் ஈரானின் நிரந்தரப் பிரதிநிதி மாண்புமிகு எஸ்மாயில் பகாய் ஹமானே

–  துருக்கியின் நிரந்தரப் பிரதிநிதி திரு. சாதிக் அர்ஸ்லான்

–  மனித உரிமைகளுக்கான ஐ.நா. வின் உயர்ஸ்தானிகர் மிச்செல் பச்லெட்

–   அர்ஜென்டினாவின் நிரந்தரப் பிரதிநிதியும் மனித உரிமைகள் பேரவையின் தலைவருமான திரு. பெடரிகோ வில்லேகாஸ்

–  பங்களாதேசத்தின் நிரந்தரப் பிரதிநிதி முகமது முஸ்தாபிசுர் ரஹ்மான்

–  இந்தோனேசியாவின் நிரந்தரப் பிரதிநிதி பெப்ரியன் ரட்யார்ட்

மேற்கூறியவைகளுக்கு மேலதிகமாக, உற்பத்தி வழங்கல் மற்றும் மருந்துகள் ஒழுங்குபடுத்தல்  இராஜாங்க அமைச்சர் பேராசிரியர் சன்ன ஜயசுமண பின்வரும் இருதரப்பு சந்திப்புக்களில் ஈடுபட்டார்.

–   உலக சுகாதார அமைப்பின் பணிப்பாளர் நாயகம் வைத்தியர் டெட்ராஸ் அதானோம் கெப்ரேயஸ்

–   கோவெக்ஸின் நாட்டிற்கான ஈடுபாட்டுக் குழுவின் பணிப்பாளர் திரு. சண்டியாகோ கார்னேஜோ

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,


2022 மார்ச் 15