The Ministry of Foreign Affairs notes that attention has been focused on the revision of the U.S. Travel Advisory on Sri Lanka as at 6 April 2022.

The Ministry recalls that since June 2021, with the COVID-19 pandemic, the U.S. Travel Advisory for Sri Lanka has remained at Level 3, and as such has not been newly introduced in the latest revision. In addition, the language related to ‘terrorism’ was introduced following the Easter Sunday attacks and has stayed consistent since April 2019. It is understood that the reference to terrorism in the U.S. Travel Advisory is based on standard language included in U.S. Travel Advisories around the world where a risk of terrorism exists or has existed, and as such is not specific to Sri Lanka. The Ministry also understands that currently a U.S. Travel Advisory at Level 4 is applicable to many countries, whereas Sri Lanka is at Level 3.

The tourism industry in Sri Lanka is gradually emerging from the effects of the COVID-19 pandemic and as at 29 March 2022, tourist arrivals to the country stood at 280,026. The Ministry of Foreign Affairs wishes to reiterate that the country remains safe and open for tourists. Sri Lanka continues to welcome travellers to the country and remains committed to provide all visitors with the utmost care and service. The recent peaceful protests have not targeted tourists or tourist destinations. All visitors to the country may travel freely throughout the country and all tourist destinations remain open. It is noteworthy that CNN’s “where to travel in 2022” had featured Colombo in their travel list.

Ministry of Foreign Affairs

Colombo

08 April, 2022

…………………………………..

මාධ්‍ය නිවේදනය

2022 අප්‍රේල් 6 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනය සංශෝධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් -19 වසංගතයත් සමඟම, එනම් 2021 ජූනි මාසයේ සිට, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපද සංචාරක උපදේශනය 3 වැනි මට්ටමේ පැවති අතර, නවතම සංශෝධනය තුළ ඒ පිළිබඳව අලුතින් හඳුන්වා දී නොමැති බව මෙම අමාත්‍යාංශය සිහිපත් කරයි. මීට අමතරව, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව ‘ත්‍රස්තවාදය’ හා සබැඳි භාෂාව හඳුන්වා දුන් අතර එය, 2019 අප්‍රේල් මාසයේ සිට ස්ථාවරව පවතී. එක්සත් ජනපද සංචාරක උපදේශනයේ ඇතුළත් ත්‍රස්තවාදය පිළිබඳ සඳහන පදනම් වී ඇත්තේ, ලොව ත්‍රස්තවාදී අවදානමක් පැවති හෝ පවතින රටවල් සම්බන්ධයෙන් වූ එක්සත් ජනපද සංචාරක උපදේශනවල ඇතුළත් සම්මත භාෂාවක් මත වන අතර, එය ශ්‍රී ලංකාවට විශේෂිත නොවේ. ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 3 වැනි මට්ටමේ වන බවත්, දැනට 4 වැනි මට්ටමේ පවතින එක්සත් ජනපද සංචාරක උපදේශනයක් බොහෝ රටවලට යෝග්‍ය වන බව මෙම අමාත්‍යාංශය අවබෝධ කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කොවිඩ්-19 වසංගතයේ බලපෑම් හමුවේ ක්‍රමක්‍රමයෙන් නැගී එන අතර, 2022 මාර්තු 29 වැනි දින වන විට මෙරට ලැබූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 280,026 ක් විය. ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා ආරක්ෂිතව සහ විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නැවත වරක් අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාව සිය රටට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමට අඛණ්ඩව කටයුතු කරන අතර, ඔවුන් සැමට උපරිම සත්කාර සහ සේවා සැපයීමට කැපවී සිටියි. මෑතකාලීනව ක්‍රියාත්මක වන සාමකාමී විරෝධතා හරහා සංචාරකයන් හෝ සංචාරක ගමනාන්ත ඉලක්ක වී නොමැත. දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයන්ට රට පුරා නිදහසේ ගමන් කළ හැකි අතර සියලුම සංචාරක ගමනාන්ත ඔවුන් සඳහා විවෘතව පවතී. තවද, CNN මාධ්‍ය ආයතනය සිය “where to travel in 2022” නමැති සංචාරක ලැයිස්තුව තුළ කොළඹ නගරය ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 08 වැනි දින