The Foreign Ministry has noted with regret that the Sri Lanka section of the HRW “World Report 2022” depicts an exaggerated and unduly negative picture of the current human rights situation in the country.
Sri Lanka follows a policy of constructive engagement with the international community including with international NGO’s such as HRW on matters related to human rights, and we recognize their constructive role as human rights defenders. However sensationalized and biased reporting during a particularly challenging global economic and social environment risks igniting and aggravating domestic discord. We highlight the importance of responsible, balanced and impartial reporting.
At the Human Rights Council in Geneva in September last year Foreign Minister Prof. G.L. Peiris stated that Sri Lanka is engaged in pursuing sustainable peace, through an inclusive, domestically designed and executed reconciliation and accountability process. Sri Lanka also reiterated its long standing commitment to the promotion and protection of human rights in line with our own constitution and our international obligations.
This message was reiterated recently by the President at the opening of the 9th Session of the Parliament of Sri Lanka on 18 January, 2022.
The Government of Sri Lanka remains accountable to its people in discharging its mandate on all fronts including economic, social and human development as well as the achievement of the SDGs. At the same time and despite operational, economic and human constraints caused by the Covid-19 pandemic, the Government has made important progress in delivering on post-conflict reconciliation, accountability and human rights as undertaken before the people of Sri Lanka and reiterated internationally. The work of the independent domestic institutions – the Office of Missing Persons, the Office of Reparations, the Human Rights Commission of Sri Lanka, the Office of National Unity and Reconciliation and the Sustainable Development Council of Sri Lanka is an important supportive pillar of this effort. We have empowered these institutions with financial and other support in order to execute their independent statutory mandates. Regular updates related to progress made through these domestic processes on human rights and reconciliation are contained in Sri Lanka’s statements to the Human Rights Council in Geneva.
In our response to HRW we have highlighted the progress made in recent months relating to a number of areas addressed by them such as amendment to PTA, accountability, release of detainees under PTA, freedom of association, the Covid pandemic and the proposed amendments to the Muslim Marriage and Divorce Ordinance.
We have also stated that with regard to international actors, the Government greatly values the goodwill and advice from our international partners, the United Nations as well as local and international NGOs. We have continued our ongoing interaction with them and encouraged regular engagement with Sri Lanka.
During numerous such exchanges including from visiting bilateral dignitaries as well as senior officials from the United Nations and UN human rights special mandate holders, we have facilitated access to all domestic interlocutors and been open to their encouragement, advice and concerns. We value in particular our interaction with our domestic civil society partners given their established outreach and expertise on many issues related to development reconciliation and human rights. We have engaged them in our efforts to realize the SDGs as well as on matters related to reconciliation. On a broader front, Sri Lanka has also invited the Sri Lankan diaspora groups to partner with us as we move forward.
With regard to Sri Lanka`s position at the Human Rights Council, as we have stated at the September 2021 session of the Council , Sri Lanka will continue its long-standing cooperation with the United Nations human rights mechanisms as well as with the Council . We are delivering on our commitment to address accountability and reconciliation through domestic processes and institutions. As stated by Foreign Minister Prof. G.L. Peiris “We are open in acknowledging our challenges and as a responsible and democratic government, we are committed to achieving tangible progress on the entire range of issues relating to accountability, reconciliation, human rights, peace and sustainable development”. Sri Lanka is of the view that the evidence gathering mechanism that was contained in Resolution 46/1 and which led to division in the Council is unwarranted and unhelpful and will lead to politicization and polarization in Sri Lanka.
Foreign Ministry
Colombo
22 January, 2022
………………………………………..
මාධ්‍ය නිවේදනය
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය සඳහා ප්‍රතිචාර දැක්වීම
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්‍යංශය කනගාටුවෙන් දන්වා සිටියි.
ශ්‍රී ලංකාව, මානව හිමිකම් ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් වැනි රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, මානව හිමිකම් සුරකින්නන් වශයෙන් ඔවුන් සිදු කරන ඵලදායී කාර්යභාරය ද පිළිගනී. කෙසේ වුවද, විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ගෝලීය, ආර්ථික සහ සමාජීය වාතාවරණයක් තුළ සිදු කෙරෙන සංවේදී කරුණු ඇතුළත් පක්ෂග්‍රාහී වාර්තාකරණය හේතුවෙන් රට තුළ අසමගිය පැතිරීම හා එය උග්‍ර තත්ත්වයට පත් වීමේ අවදානමක් හට ගනී. එබැවින්, වගකීම් සහගත, සමබර සහ අපක්ෂපාතී වාර්තාකරණයේ වැදගත්කම අපි මෙහිදී ඉස්මතු කරමු.
සියල්ල ඇතුළත්වූ, දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟා කර ගැනීමේ ගමනක ශ්‍රී ලංකාව නිරතව සිටින බව පසුගිය වසරේ සැප්තැම්බර් මස ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිලයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. අපගේම ව්‍යවස්ථාවට සහ අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ දීර්ඝකාලීන කැපවීම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කළේය.
මෑතකදී, එනම් 2022 ජනවාරි 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9 වැනි සැසිවාරය ඇරඹූ අවස්ථාවේ දී අතිගරු ජනාධිපතිවරයා විසින් මෙම පණිවිඩය යළි අවධාරණය කරන ලදී.
ආර්ථික, සමාජීය සහ මානව සංවර්ධනය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු සියලුම අංශ සම්බන්ධයෙන් පවත්නා ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී රජය විසින් සිය ජනතාවට වගකියනු ලැබේ. මීට සමගාමීව පශ්චාද්-ගැටුම් තත්ත්වය යටතේ සංහිඳියාව ක්‍රියාවට නැංවීම, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලංකාවාසී ජනතාව ඉදිරියේ සහ ජාත්‍යන්තරය හමුවේ නැවත වරක් සිදු කළ අවධාරණයට අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙහෙයුම් කටයුතු, ආර්ථික කටයුතු සහ මානව සබඳතා සම්බන්ධයෙන් හටගත් බාධා මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා රජය සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇත. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කවුන්සිලය යනාදී ස්වාධීන දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙම ප්‍රයත්නය සඳහා සහය වන සුවිශේෂී අංග වේ. මෙම ආයතනවල පවත්නා ස්වාධීන ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහ වෙනත් සහය හරහා එම ආයතන බල ගන්වා ඇත. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය හා සබැඳි මෙම දේශීය ක්‍රියාවලීන් හරහා සිදු වූ ප්‍රගතිය සම්බන්ධයෙන් වන නිරන්තර යාවත්කාලීන කිරීම් ශ්‍රී ලංකාව විසින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට යොමු කරන ලද ප්‍රකාශවල අඩංගු වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, වගවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීම, පුද්ගල ඒකරාශී වීම් සඳහා නිදහස ලබා දීම, කොවිඩ් වසංගතය, මුස්ලිම් විවාහ සහ දික්කසාද ආඥාපනත පිළිබඳ යෝජිත සංශෝධන ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකට අදාළව මෑත කාලීනව ලබා ඇති ප්‍රගතිය හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෙත අප ලබා දුන් ප්‍රතිචාරය තුළින් ඉස්මතු කර ඇත්තෙමු.
ජාත්‍යන්තර ක්‍රියාකරුවන් ගත් කල, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවල හිතෛශී බව සහ උපදෙස් ශ්‍රී ලංකා රජය බෙහෙවින් අගය කරන බව ද අපි ප්‍රකාශ කර ඇත්තෙමු. අපි ඔවුන් සමඟ අපගේ නිරන්තර අන්තර්ක්‍රියා අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාව සමඟ නිතිපතා සම්බන්ධ වන ලෙස ඔවුන් දිරිමත් කර ඇත්තෙමු.
ද්විපාර්ශ්වික සම්භාවනීය අමුත්තන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ බලතල දරන්නන් හමුවීම ඇතුළු එවැනි බොහෝ හුවමාරුවල දී, සියලුම දේශීය මැදිහත්කරුවන්ට ඊට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇති අතර ඔවුන්ගේ දිරිගැන්වීම්, උපදෙස් සහ උද්‍යෝගය කෙරෙහි සැලකිලිමත් වන්නෙමු. සංවර්ධන ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් පිළිබඳ බොහෝ කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජයේ හවුල්කරුවන් දක්වන ප්‍රවේශය සහ ප්‍රවීණත්වය හා සබැඳි අපගේ අන්තර් ක්‍රියාකාරිත්වය අපි විශේෂයෙන් අගය කරමු. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙන්ම ප්‍රතිසන්ධානය හා සබැඳි කරුණු සම්බන්ධයෙන් අප ඔවුන්ව සම්බන්ධ කරගෙන ඇත. මෙම කර්තව්‍යය පුළුල් තලයකට ගෙන යමින්, අප සමඟ හවුල් වන ලෙස ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම්වලට ද ආරාධනා කර ඇත.
2021 වසරේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අප ප්‍රකාශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ මෙන්ම කවුන්සිලය සමඟ ද පවත්නා දිගුකාලීන සහයෝගිතාව අඛණ්ඩව පවත්වනු ඇත. වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන අපගේ බැඳීම දේශීය යාන්ත්‍රණයන් සහ ආයතන හරහා අපි ඉටු කරමු. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රකාශ කළ පරිදි, “අපි අපගේ අභියෝග පිළිගැනීමට විවෘතව සිටින අතර වගකිවයුතු සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධ සමස්ත විෂය පථයන්හි ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් අත්කර ගැනීමට කැපවී සිටිමු”. කවුන්සිලයේ බෙදීමට තුඩු දුන් 46/1 යෝජනාවේ අඩංගු වූ සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ප්‍රයෝජනවත් නොවන බවත් එමගින් ශ්‍රී ලංකාව තුළ දේශපාලනීකරණය වීමක් සහ බෙදීමක් හටගනු ඇති බවත් ශ්‍රී ලංකාවේ අදහසයි.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2022 ජනවාරි 22 වැනි දින
…………………………………..
ஊடக வெளியீடு
மனித உரிமைகள் கண்காணிப்பு ‘உலக அறிக்கை 2022′ க்கான பிரதிபலிப்பு: இலங்கைப் பிரிவு
மனித உரிமைகள் கண்காணிப்பகத்தின் இலங்கைப் பிரிவான ‘உலக அறிக்கை 2022’ நாட்டின் தற்போதைய மனித உரிமைகள் நிலைமையை மிகைப்படுத்தப்பட்ட மற்றும் தேவையற்ற எதிர்மறையான வகையில் சித்தரிப்பதாக வெளிநாட்டு அமைச்சு வருத்தத்துடன் குறிப்பிட்டுள்ளது.
மனித உரிமைகள் தொடர்பான விடயங்களில் மனித உரிமைகள் கண்காணிப்பகம் போன்ற சர்வதேச அரச சார்பற்ற நிறுவனங்கள் உட்பட சர்வதேச சமூகத்துடன் ஆக்கபூர்வமாக ஈடுபடுவதற்கான கொள்கையை இலங்கை பின்பற்றுகின்றது. எவ்வாறாயினும், குறிப்பாக சவாலான உலகளாவிய பொருளாதார மற்றும் சமூக சூழலின் போது பரபரப்பான மற்றும் பக்கச்சார்பான அறிக்கையிடல் உள்நாட்டு முரண்பாடுகளை தீவிரப்படுத்தி மோசமான நிலைமையைத் தோற்றுவிக்கின்றது. பொறுப்பான, சமநிலையான மற்றும் பாரபட்சமற்ற அறிக்கையிடலின் முக்கியத்துவத்தை நாங்கள் முன்னிலைப்படுத்துகின்றோம்.
உள்நாட்டில் வடிவமைக்கப்பட்ட மற்றும் நிறைவேற்றப்பட்ட நல்லிணக்கம் மற்றும் பொறுப்புக்கூறல் செயன்முறையின் மூலம் நிலையான சமாதானத்தை நிலைநாட்டுவதில் இலங்கை ஈடுபட்டுள்ளதாக கடந்த ஆண்டு செப்டெம்பர் மாதம் ஜெனீவாவில் நடைபெற்ற மனித உரிமைகள் பேரவையில் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் தெரிவித்தார். எமது சொந்த அரசியலமைப்பு மற்றும் எமது சர்வதேசக் கடமைகளுக்கு இணங்க மனித உரிமைகளை மேம்படுத்துவதற்கும் பாதுகாப்பதற்கும் இலங்கை தனது நீண்டகால அர்ப்பணிப்பை மீண்டும் வலியுறுத்தியுள்ளது.
2022 ஜனவரி 18ஆந் திகதி இலங்கைப் பாராளுமன்றத்தின் 9ஆவது கூட்டத் தொடரின் தொடக்கத்தில் அதிமேதகு ஜனாதிபதியினால் அண்மையில் இந்தச் செய்தி மீண்டும் வலியுறுத்தப்பட்டது.
இலங்கை அரசாங்கம் பொருளாதார, சமூக மற்றும் மனித அபிவிருத்தி மற்றும் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைதல் உட்பட அனைத்து துறைகளிலும் தனது ஆணையை நிறைவேற்றுவதில் அதன் மக்களுக்கு பொறுப்புக்கூற வேண்டும். அதே நேரத்தில், கோவிட்-19 தொற்றுநோயால் ஏற்பட்ட செயற்பாட்டு, பொருளாதார மற்றும் மனிதத் தடைகள் இருந்தபோதிலும், இலங்கை மக்களின் முன்னிலையில் மேற்கொள்ளப்பட்ட மற்றும் சர்வதேச ரீதியாக வலியுறுத்தப்பட்ட போருக்குப் பிந்தைய நல்லிணக்கம், பொறுப்புக்கூறல் மற்றும் மனித உரிமைகளை வழங்குவதில் அரசாங்கம் முக்கியமான முன்னேற்றத்தை அடைந்துள்ளது. சுதந்திரமான உள்நாட்டு நிறுவனங்கள், காணாமல் போனோர் அலுவலகம், இழப்பீடுகள் அலுவலகம், இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு, தேசிய ஒருமைப்பாடு மற்றும் நல்லிணக்க அலுவலகம் மற்றும் இலங்கையின் நிலைபேறான அபிவிருத்தி சபை ஆகியன இந்த முயற்சிக்கு முக்கிய உறுதுணையாக உள்ளன. இந்த நிறுவனங்களின் சுதந்திரமான சட்டபூர்வ ஆணைகளை நிறைவேற்றுவதற்காக நிதி மற்றும் ஏனைய ஆதரவுடன் நாங்கள் அதிகாரம் பெற்றுள்ளோம். மனித உரிமைகள் மற்றும் நல்லிணக்கம் குறித்த உள்நாட்டு செயன்முறைகளின் மூலம் ஏற்பட்ட முன்னேற்றம் தொடர்பான வழக்கமான புதுப்பிக்கப்பட்ட தகவல்கள் ஜெனீவாவில் உள்ள மனித உரிமைகள் பேரவையிலான இலங்கையின் அறிக்கைகளில் உள்ளடக்கப்பட்டுள்ளன.
மனித உரிமைகள் கண்காணிப்பகத்திற்கு நாங்கள் அளித்த பதிலில், பயங்கரவாத தடைச் சட்டத்திலான திருத்தம், பொறுப்புக்கூறல், பயங்கரவாத தடைச் சட்டத்தின் கீழ் கைதிகளை விடுவித்தல், ஒன்று கூடுவதற்கான சுதந்திரம், கோவிட் தொற்றுநோய் மற்றும் முஸ்லிம் விவாக மற்றும் விவாகரத்துச் சட்டத்தில் முன்மொழியப்பட்ட திருத்தங்கள் போன்ற பல துறைகள் தொடர்பான சமீபத்திய மாதங்களில் ஏற்பட்டுள்ள முன்னேற்றத்தை நாங்கள் முன்னிலைப்படுத்தியுள்ளோம்.
சர்வதேச செயற்பாட்டாளர்களைப் பொறுத்தமட்டில், எமது சர்வதேச பங்காளிகளான ஐக்கிய நாடுகள் சபை மற்றும் உள்ளூர் மற்றும் சர்வதேசத் தன்னார்வ தொண்டு நிறுவனங்களின் நல்லெண்ணம் மற்றும் ஆலோசனைகளை அரசாங்கம் பெரிதும் மதிப்பதாக நாம் குறிப்பிட்டுள்ளோம். அவர்களுடனான எமது தொடர்ச்சியான தொடர்புகளைத் தொடர்ந்துள்ள அதே வேளையில், இலங்கையுடனான அவர்களது வழக்கமான ஈடுபாட்டையும் ஊக்குவித்துள்ளோம். விஜயங்களை மேற்கொள்ளும் இருதரப்பு உயரதிகாரிகள், ஐக்கிய நாடுகள் சபையின் சிரேஷ்ட அதிகாரிகள் மற்றும் ஐ.நா. மனித உரிமைகள் பேரவையின் விஷேட ஆணையுடையவர்கள் உட்பட பல பரிமாற்றங்களின் போது, நாம் அனைத்து வகையான உள்நாட்டு உரையாடல்களையும் அணுகுவதற்கு வசதிகளை ஏற்படுத்தி, அவர்களது ஊக்கம், ஆலோசனை மற்றும் கரிசனைகளுக்கு திறந்த நிலையில் இடமளித்துள்ளோம். அபிவிருத்தி நல்லிணக்கம் மற்றும் மனித உரிமைகள் தொடர்பான பல விடயங்களில் நிறுவப்பட்ட தொடர்பு மற்றும் நிபுணத்துவம் ஆகியவற்றின் அடிப்படையில் எமது உள்நாட்டு சிவில் சமூகப் பங்காளிகளுடனான எமது தொடர்புகளை நாம் குறிப்பாக மதிக்கின்றோம். நிலையான அபிவிருத்தி இலக்குகள் மற்றும் நல்லிணக்கம் தொடர்பான விடயங்களை அடைந்து கொள்வதற்கான எமது முயற்சிகளில் அவர்களை ஈடுபடுத்தியுள்ளோம். ஒரு பரந்த முனையில், நாம் முன்னோக்கிச் செல்லும்போது எம்முடன் பங்காளியாக ஈடுபடுவதற்காக இலங்கையின் புலம்பெயர் குழுக்களுக்கும் நாம் அழிப்பு விடுத்துள்ளோம்.
மனித உரிமைகள் பேரவையில் இலங்கையின் நிலைப்பாடு தொடர்பாக, 2021 செப்டெம்பர் மாத சபை அமர்வில் நாம் குறிப்பிட்டது போல, ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பொறிமுறைகள் மற்றும் சபையுடன் இலங்கை தனது நீண்டகால ஒத்துழைப்பைத் தொடரும். உள்நாட்டு செயன்முறைகள் மற்றும் நிறுவனங்களின் மூலம் பொறுப்புக்கூறல் மற்றும் நல்லிணக்கத்தை நிவர்த்தி செய்வதற்கான எமது உறுதிப்பாட்டை நாம் வழங்குகின்றோம். வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் பீரிஸ் குறிப்பிட்டது போல, ‘எமது சவால்களை ஒப்புக்கொள்வதில் நாங்கள் திறந்த நிலையில் காணப்படும் அதே வேளை, பொறுப்பான மற்றும் ஜனநாயக அரசாங்கம் என்ற வகையில், பொறுப்புக்கூறல், நல்லிணக்கம், மனித உரிமைகள், சமாதானம் மற்றும் நிலையான அபிவிருத்தி தொடர்பான முழு அளவிலான பிரச்சினைகளிலும் உறுதியான முன்னேற்றத்தை அடைந்து கொள்வதற்கு நாங்கள் அர்ப்பணிப்புடன் இருக்கின்றோம்’. தீர்மானம் 46/1 இல் உள்ள சாட்சியங்களை சேகரிக்கும் பொறிமுறையானது சபையில் பிளவுக்கு வழிவகுத்தமையானது தேவையற்றதும், உதவியற்றதும் மற்றும் இலங்கையில் அரசியல்மயமாக்கல் மற்றும் துருவமுனைப்புக்கு வழிவகுக்கும் என இலங்கை கருதுகின்றது.
வெளிநாட்டு அமைச்சு,
கொழும்பு
2022 ஜனவரி 22
Leave A Comment