Foreign Minister Prof. G.L. Peiris highlighted that Sri Lanka and Indonesia shared many common interests and goals, founded on long standing historical and cultural ties that predated the formal establishment of relations between the two countries in 1952. The Minister made these remarks at a meeting when, Ambassador of the Republic of Indonesia to Sri Lanka Dewi Gustina Tobing called on the Foreign Minister at the Foreign Ministry, on Monday 24 January 2022. This was the first meeting with the Foreign Minister following the presentation of credentials to the President on 21 December, 2021.
The Minister recalled warmly meeting his counterpart Foreign Minister Retno L.P. Marsudi, on the sidelines of the United Nations General Assembly in 2021 and also meeting Indonesian President Joko Widodo, at the COP26 and even before his inauguration, noting the excellent warm relations between the two countries. Minister Peiris underscored that both countries shared global priorities in the international arena, dating to their membership of the Non-Alignment Movement and shared outlook on socio-economic development and international relations, including environment, climate change and sustainable development. He emphasized the importance of the development of the Indian Ocean and the Indo- Pacific region and briefed on Sri Lanka’s chairmanship of the Indian Ocean Rim Association (IORA) and playing a leading role as Blue Charter Champion in the Commonwealth and its work on issues such as Mangrove conservation and spearheading the campaign for Sustainable Nitrogen Management.
The Foreign Minister and the Ambassador expressed interest to further expand cooperation, in a wide range of areas such as close cooperation in the United Nations and international fora, and supporting each other’s candidatures as well as to enhance trade, investment and tourism. They underscored the importance of initiating not just high-level interaction of their leaders, but increasing people-to-people contacts and forging links with business, trade and tourism, particularly to commemorate the 70th anniversary of diplomatic relations between Sri Lanka and Indonesia that would be marked in August 2022.
Foreign Minister Peiris noted that it would be most appropriate to celebrate the anniversary of relations with a visit from his counterpart, and extended a warm invitation to the Foreign Minister of Indonesia to visit Sri Lanka. Both also discussed the early convening of the third session of the Joint Commission between Sri Lanka and Indonesia, to be held in Colombo and the need to follow up and build on the visit of President Widodo to Sri Lanka to deepen and broaden economic collaboration, and the need to harness the untapped potential, in the bilateral economic sphere.
Minister Peiris apprised the Ambassador of Sri Lanka’s progress in reconciliation and the protection and promotion of human rights and socio-economic development of its people and engagement with the United Nations, but was opposed to the selective singling out of countries by some UN mechanisms, that were unwarranted and intrusive. He stated that Sri Lanka was giving priority to economic diplomacy and increasing opportunities to expand trade and investment, particularly in the post pandemic world and both sides could share their experiences.
The Ambassador looked forward to enhance relations between the two countries and noted the potential for close collaboration and partnerships in trade, investment and tourism and noted the interest of some Indonesian Industry, to look at possible projects in Sri Lanka, as well as closer ties with the business community and Chambers of Commerce, as well as possible events and activities to raise more awareness on relations and areas to bolster cooperation for their mutual benefit.
Foreign Minister Peiris also noted significant possibilities in defence cooperation, including combating illicit drug trafficking and sharing of intelligence and underlined the importance of close interactions between maritime agencies, National Anti-Narcotic agencies, and counter terrorism, highlighting that approximately 60,000 ships passed through the Indian Ocean annually and about one third of the world’s oil also passed through the region.
They looked forward to use the momentum of the 70th anniversary to strengthen relations between the two countries for their mutual benefit, including high level visits later in the year.
Foreign Ministry
Colombo
25 January, 2022
…………………………………………………
මාධ්‍ය නිවේදනය
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉන්දුනීසියානු තානාපතිනිය දෙරට අතර සහයෝගිතාවයේ ක්ෂේත්‍ර හඳුනා ගනියි
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සබඳතා 1952 වර්ෂයේ දී විධිමත් ලෙස පිහිටුවීමට පෙර පටන් දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ පොදු අවශ්‍යතා සහ ඉලක්ක රාශියක් දෙරට විසින් හුවමාරු කරගනු ලැබූ බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාව සඳහා ඉන්දුනීසියානු ජනරජයේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය 2022 ජනවාරි 24 වැනි සඳුදා දින විදේශ අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේ ය. එතුමිය 2021 දෙසැම්බර් 21 වැනි දින ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ ප්‍රථම හමුව වන්නේ මෙම හමුව යි.
දෙරට අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, 2021 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර දී තම ඉන්දුනීසියානු මිත්‍ර පාර්ශ්වයේ විදේශ අමාත්‍ය රෙට්නෝ එල්. පී. මර්සුඩි මැතිතුමා හමු වූ බවත්, COP26 සමුළුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මැතිතුමා හමු වූ බවත් සිහිපත් කළේ ය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකත්වය දරන අතරතුර පරිසරය, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය ඇතුළු සමාජීය-ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා යනාදී ජාත්‍යන්තර තලයේ ගෝලීය ප්‍රමුඛතා සම්බන්ධයෙන් දෙරටම හවුල් දැක්මක් හුවමාරු කරගත් බව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය. ඉන්දියන් සාගරය සහ ඉන්දු පැසිෆික් කලාපය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය දරන බවත්, කඩොලාන පරිසර සංරක්ෂණය පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන අතරතුර තිරසාර නයිට්රජන් කළමනාකරණය සඳහා වූ ව්‍යාපාරයේ මූලිකත්වය ගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නීල ප්රඥප්ති ශූරයකු වශයෙන් ශ්‍රී ලංකාව ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් විස්තර කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංසද හමුවේ සමීප සහයෝගිතාව පළ කිරීම, අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහය ලබා දීම මෙන්ම වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම යනාදී වශයෙන් පුළුල් පරාසයකට දිවයන සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට විදේශ අමාත්‍යවරයා සහ තානාපතිනිය සිය කැමැත්ත පළ කළහ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් 2022 වර්ෂයේ අගෝස්තු මස පවත්වනු ලබන සංවත්සර සැමරුම සඳහා දෙරටේ නායකයින්ගේ ඉහළ පෙළේ අන්තර්ක්‍රියා පමණක් නොව, පුද්ගලාන්තර සබඳතා ඉහළ නැංවීම මෙන්ම ව්‍යාපාර, වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ආශ්රිත සබඳතා පැවැත්වීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.
දෙරට අතර සංවත්සර සැමරුම පැවැත්වීමට මත්තෙන් මෙරට සංචාරයක නිරත වීම වඩාත් යෝග්‍ය බව විදේශ අමාත්‍ය පිරීස් මැතිතුමා සිය මිත්‍ර පාර්ශ්වය වෙත දන්වා සිටි අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයා වෙත උණුසුම් ඇරයුමක් ද පිරිනැමී ය. කොළඹ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඒකාබද්ධ කොමිසමේ තුන්වැනි සැසිවාරය කඩිනමින් කැඳවීම , ආර්ථික සහයෝගිතාව ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම සඳහා ජනාධිපති විඩෝඩෝ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංචාරය පිළිබඳව පසු විපරම් කිරීම මෙන්ම, ද්විපාර්ශ්වික ආර්ථික ක්ෂේත්රය තුළ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දෙදෙනා සාකච්ඡා කළහ.
සංහිඳියා කටයුතුවල ප්‍රගතිය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජනතාවගේ සමාජීය-ආර්ථික සංවර්ධනය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ප්‍රගතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්නා සබඳතා පිළිබඳව තානාපතිනිය දැනුම්වත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, අනවශ්‍ය සහ ආක්‍රමණශීලී අයුරින් රටවල් තෝරා බේරා ගැනීමකට ලක් කරන එක්සත් ජාතීන්ගේ ඇතැම් යාන්ත්‍රණ කෙරෙහි සිය විරෝධය පළ කළේ ය. වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ දියුණු වෙමින් පවතින අවස්ථා කෙරෙහි ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, විශේෂයෙන්ම පශ්චාද් වසංගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වයටම මේ සම්බන්ධයෙන් සිය අත්දැකීම් හුවමාරු කරගත හැකි බවත් එතුමා ප්‍රකාශ කළේ ය.
දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා පවත්නා අපේක්ෂා පිළිබඳව සඳහන් කළ තානාපතිනිය, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ආශ්රිත සමීප සහයෝගිතාවයේ සහ හවුල්කාරිත්වයේ ශක්‍යතා පිළිබඳව අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ව්‍යාපෘති, ශ්‍රී ලංකාව සමඟ පැවැත්විය හැකි සමීප සබඳතා මෙන්ම, අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ වාණිජ මණ්ඩල අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර පිළිබඳ වැඩි දැනුම්වත් කිරීමක් සිදු කළ හැකි අවස්ථා සහ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඉන්දුනීසියානු කර්මාන්තවල ඇති උනන්දුව ද සඳහන් කළා ය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම ඇතුළුව ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් පවත්නා සුවිශේෂී ශක්‍යතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා නාවික ආයතන, ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ආයතන සහ ත්රස්තවාදයට එරෙහි ආයතන අතර සමීප අන්තර්ක්‍රියා පැවැත්වීම වැදගත් වන බවත්, වාර්ෂිකව නැව් 60,000ක් පමණ ඉන්දියන් සාගරය හරහා ගමන් කරන බවත්, ලෝකයේ තෙල්වලින් තුනෙන් එකක් පමණ මෙම කලාපය හරහා ප්‍රවාහනය කරන බවත් අවධාරණය කළේ ය.
මෙම වර්ෂයේ අග පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සංචාර ඇතුළුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 70 වැනි සංවත්සර සැමරුම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය මෙන්ම දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට යොදා ගැනීමට ඔවුහු අපේක්ෂා කළහ.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2022 ජනවාරි 25 වැනි දින
………………………………………………….
ஊடக வெளியீடு
ஒத்துழைப்பிற்கான பகுதிகளை வெளிநாட்டு அமைச்சர் பீரிஸ் மற்றும் இந்தோனேசியத் தூதுவர் அடையாளம் காணல்
இரு நாடுகளுக்கிடையிலான உறவுகளை இலங்கையும் இந்தோனேசியாவும் 1952இல் முறையாக ஸ்தாபிப்பதற்கு முன்பிருந்தே நீண்டகால வரலாற்று மற்றும் கலாசார உறவுகளின் அடிப்படையில் பல பொதுவான நலன்கள் மற்றும் இலக்குகளை பகிர்ந்து கொண்டன என்பதை வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் எடுத்துரைத்தார். இலங்கைக்கான இந்தோனேசியக் குடியரசின் தூதுவர் மாண்புமிகு டெவி குஸ்டினா டோபிங் அவர்கள் வெளிநாட்டு அமைச்சரை 2022 ஜனவரி 24, திங்கட்கிழமை வெளிநாட்டு அமைச்சில் வைத்து சந்தித்தார். 2021 டிசம்பர் 21ஆந் திகதி ஜனாதிபதியிடம் தனது நற்சான்றிதழ்களை சமர்ப்பித்த பின்னர் வெளிநாட்டு அமைச்சருடனான முதலாவது சந்திப்பு இதுவாகும்.
2021 இல் ஐக்கிய நாடுகளின் பொதுச் சபையின் பக்க அமர்வுகளில் இந்தோனேசிய வெளிநாட்டு அமைச்சர் ரெட்னோ எல்.பி. மர்சுடியுடனான சந்திப்பை நினைவு கூர்ந்த அமைச்சர், இந்தோனேசிய ஜனாதிபதி அதிமேதகு ஜோகோ விடோடோவை சி.ஓ.பி.26 இல் சந்தித்தமை மற்றும் அவர் பதவியேற்பதற்கு முன்பிருந்தான இரு நாடுகளுக்கும் இடையிலான சிறந்த அன்பான உறவுகளைக் குறிப்பிட்டார். இரு நாடுகளும் அணிசேரா இயக்கத்தில் அங்கத்துவம் பெற்ற காலகட்டம் மற்றும் சுற்றுச்சூழல், காலநிலை மாற்றம் மற்றும் நிலையான அபிவிருத்தி உள்ளிட்ட சமூகப் பொருளாதார அபிவிருத்தி மற்றும் சர்வதேச உறவுகள் பற்றிய கண்ணோட்டத்தைப் பகிர்ந்துகொண்டதுடன், சர்வதேச அரங்கில் உலகளாவிய முன்னுரிமைகளை இரு நாடுகளும் பகிர்ந்து கொண்டதாக அமைச்சர் பீரிஸ் அடிக்கோடிட்டுக் காட்டினார். இந்து சமுத்திரம் மற்றும் இந்தோ-பசிபிக் பிராந்தியத்தின் அபிவிருத்தியின் முக்கியத்துவத்தை அவர் வலியுறுத்தியதோடு, இந்து சமுத்திர விளிம்பு சங்கத்தில் இலங்கையின் தலைமைத்துவம் மற்றும் பொதுநலவாய நீல சாசன சாம்பியனாக முன்னணிப் பங்கு வகிக்கின்றமை மற்றும் சதுப்புநில பாதுகாப்பு போன்ற பிரச்சினைகளில் அதன் பணிகள் மற்றும் நிலையான நைதரசன் முகாமைத்துவத்திற்கான பிரச்சாரத்தை முன்னெடுத்தல் ஆகியன குறித்து விளக்கினார்.
வெளிநாட்டு அமைச்சரும் தூதுவரும், ஐக்கிய நாடுகள் சபை மற்றும் சர்வதேச அரங்குகளில் நெருக்கமான ஒத்துழைப்பு, மற்றும் இரு நாடுகளினதும் பரஸ்பர உறுப்புரிமை வேட்புரிமைகளை ஆதரித்தல் மற்றும் வர்த்தகம், முதலீடு மற்றும் சுற்றுலாவை மேம்படுத்துதல் போன்ற பரந்த அளவிலான ஒத்துழைப்பை மேலும் விரிவுபடுத்துவதற்கு விருப்பம் தெரிவித்தனர். ஆகஸ்ட் 2022 இல் குறிக்கப்படவுள்ள இலங்கைக்கும் இந்தோனேசியாவுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 70வது ஆண்டு நிறைவை நினைவுகூரும் வகையில், தமது தலைவர்களின் உயர்மட்டத் தொடர்புகளை மாத்திரமன்றி, மக்களிடையேயான தொடர்புகளை அதிகரிப்பதன் முக்கியத்துவத்தை அவர்கள் வலியுறுத்தினர்.
இந்தோனேசிய வெளிநாட்டு அமைச்சரின் விஜயத்துடன் இரு நாட்டு உறவுகளின் ஆண்டு நிறைவைக் கொண்டாடுவது மிகவும் பொருத்தமானது எனக் குறிப்பிட்ட வெளிநாட்டு அமைச்சர் பீரிஸ், இலங்கைக்கு விஜயம் செய்யுமாறு இந்தோனேசியாவின் வெளிநாட்டு அமைச்சருக்கு அன்பான அழைப்பையும் விடுத்தார். கொழும்பில் நடைபெறவுள்ள இலங்கைக்கும் இந்தோனேசியாவுக்கும் இடையிலான கூட்டு ஆணைக்குழுவின் மூன்றாவது அமர்வை விரைவில் கூட்டுதல் மற்றும் பொருளாதார ஒத்துழைப்பை ஆழப்படுத்தி, பொருளாதார ஒத்துழைப்பை ஆழப்படுத்துவதற்கும் விரிவுபடுத்துவதற்கும் ஜனாதிபதி விடோடோவின் இலங்கை விஜயத்தைப் பின்தொடர்ந்து கட்டியெழுப்ப வேண்டியதன் அவசியம் மற்றும் இருதரப்பு பொருளாதாரத் துறையில் பயன்படுத்தப்படாத ஆற்றலைப் பயன்படுத்த வேண்டியதன் அவசியம் ஆகியன குறித்தும் இருவரும் கலந்துரையாடினர்.
நல்லிணக்கம் மற்றும் மனித உரிமைகளைப் பாதுகாத்தல் மற்றும் ஊக்குவித்தல் மற்றும் மக்களின் சமூகப் பொருளாதார அபிவிருத்தி மற்றும் ஐக்கிய நாடுகள் சபையுடனான ஈடுபாடு ஆகியவற்றில் இலங்கையின் முன்னேற்றம் குறித்து அமைச்சர் பீரிஸ் தூதுவருக்கு விளக்கமளித்தார், எனினும் தேவையற்ற மற்றும் ஊடுருவும் சில ஐ.நா. வழிமுறைகளால் நாடுகளைத் தேர்ந்தெடுத்து தனிமைப்படுத்துவது குறித்து எதிர்ப்பு வெளியிட்டார். பொருளாதார இராஜதந்திரத்திற்கு இலங்கை முன்னுரிமை அளித்து வருவதாகவும், குறிப்பாக தொற்றுநோய்க்குப் பிந்தைய உலகில் வர்த்தகம் மற்றும் முதலீட்டை விரிவுபடுத்துவதற்கான வாய்ப்புக்களை அதிகரித்து வருவதாகவும், இரு தரப்பினரும் தமது அனுபவங்களைப் பகிர்ந்து கொள்ளலாம் என்றும் அவர் குறிப்பிட்டார்.
தூதுவர் இரு நாடுகளுக்குமிடையிலான உறவுகளை மேம்படுத்துவதற்கு எதிர்பார்த்ததுடன், வர்த்தகம், முதலீடு மற்றும் சுற்றுலாத்துறையில் நெருக்கமான ஒத்துழைப்பு மற்றும் பங்காளித்துவத்திற்கான சாத்தியக்கூறுகளை குறிப்பிட்ட அதே வேளை, சில இந்தோனேசிய தொழில்துறையின் ஆர்வத்தையும், இலங்கையில் சாத்தியமான திட்டங்கள் மற்றும் வணிக சமூகம் மற்றும் வர்த்தக சபைகளுடன் நெருக்கமான உறவுகள், அவர்களது பரஸ்பர நலனுக்காக ஒத்துழைப்பை வலுப்படுத்துவதற்கான உறவுகள் மற்றும் பகுதிகள் குறித்த விழிப்புணர்வை ஏற்படுத்துவதற்கான சாத்தியமான நிகழ்வுகள் மற்றும் செயற்பாடுகள் ஆகியன குறித்து குறிப்பிட்டார்.
சட்டவிரோத போதைப்பொருள் கடத்தலை எதிர்த்துப் போராடுதல் மற்றும் புலனாய்வுப் பகிர்வு உள்ளிட்ட பாதுகாப்பு ஒத்துழைப்பில் குறிப்பிடத்தக்க சாத்தியக்கூறுகளைக் குறிப்பிட்ட வெளிநாட்டு அமைச்சர் பீரிஸ், ஆண்டுதோறும் சுமார் 60,000 கப்பல்கள் இந்து சமுத்திரத்தைக் கடந்து செல்வதுடன், உலகின் மூன்றில் ஒரு பங்கு எண்ணெயும் இப்பகுதியின் வழியாகச் செல்வதாக சுட்டிக்காட்டி, கடல்சார் முகவர்கள், தேசிய போதைப்பொருள் எதிர்ப்பு முகவர் மற்றும் பயங்கரவாதத்திற்கு எதிரான நெருக்கமான தொடர்புகளின் முக்கியத்துவத்தை அடிக்கோடிட்டுக் காட்டினார்.
இந்த ஆண்டின் பிற்பகுதியில் உயர்மட்ட விஜயங்கள் உட்பட இரு நாடுகளுக்கும் இடையிலான உறவுகளை பரஸ்பர நலனுக்காக வலுப்படுத்துவதற்காக 70வது ஆண்டு நிறைவை பயன்படுத்துவதற்கு அவர்கள் எதிர்பார்த்தனர்.
வெளிநாட்டு அமைச்சு
கொழும்பு
2022 ஜனவரி 25
Leave A Comment